(නිමන්ති රණසිංහ)
මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය ට අයත් පුද්ගලික බැංකු ගිණුම් හතරක සවිස්තර වාර්තා අධිකරණය වෙත ලබා දෙන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුවන් වෙත අද (10) නියෝගයක් නිකුත් කළේය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඩොලර් ලබා දෙනදෙන පවසමින් සැකකාර තිලිනි ප්‍රියමාලි යන අය මෙම පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් අදාළ මුදල ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.
එම මුදල බැංකු ගත කළ බව ව්‍යාපාරිකයන් සඳහන් කරන බැවින් අදාළ බැංකු වලින් වාර්තාගත වීමට අවශ්‍ය බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තිළිණිගේ ගිනුම් හතරක තොරතුරු ඉල්ලයි