(රෝහණ චන්ද්‍රදාස, දයාරත්න ඇඹෝගම, බී.ජී. චතුරංග, සහ ළහිරු හර්ෂණ)
11 වැනි අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී අද උදෑසන වැඩ බාර ගත්හ.
රත්නත්‍රයේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, දෙවියන්ගේත් ආශිර්වාදය රටටත් සියලු ජනතාවටත් ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ එම දුරයෙහි වැඩ භාර ගනිමින් පැවසූහ.
මෙතෙක් අටමස්ථානාධිපති දුරයෙහි කටයුතු කළ පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධූරය සදහා උන්වහන්සේගේ මෙලෙස පත් වූහ.
අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව එම ධුරයට අභිනවයෙන් පත්වූ නාහිමිපාණන් පෙරහරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුරු වාහල්කඩ දක්වා වැඩම කරවා, අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මහතා විසින් නායක හිමියන්ට පිච්චමල් බදුනක් පිළිගැනීමෙන් අනතුරුව, නායක හිමියන් විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගනු ලැබූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පල්ලේගම හේමරතන නාහිමිපාණෝ වැඩ බාර ගනිති
Sam Gamage Friday, 11 November 2022 11:39 PM
කියන්න අමුතු දෙයක් නැත.