(තිලකරත්න දිසානායක)
සැක සිතන ආකාරයට තරුණයන් දෙදෙනු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තරුණිය රෝහලට බාර දුන් පුද්ගලයන් දෙදෙනා ද ඊට ක්ෂණයකින් රෝහලෙන් අතුරුදහන්ව ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
තරුණයන් දෙදෙනකු මෝටර් රථයකින් රෝහලට රැගෙන ආ එම දැරියට ක්ෂණිකව ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති අතර රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා දැරිය මියගොස් ඇති බවට නිගමනය කර ඇත.
වයස අවුරුදු 15 ක් පමණ වන දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් තිබී ඇති බවට නිරීක්ෂණය වන බව ද එම ප්‍රකාශිකාව සදහන් කළාය.
දැරිය මියගොස් ඇති බවට වෛද්‍යවරු නිගමනය කිරීමත් සමග රෝගී දැරිය රෝහලට රැගෙන තරුණයන් දෙදෙනා භූමියෙන් පිටව ගොස් ඇති බව පෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් රෝහල් පොලීසියෙන් කළ විමසිමේදී එහි නිලධාරියෙක් සදහන් කර සිටියේ, රෝහල් භූමියෙහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කොට අදාල මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගනිමින් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තරුණයන් දෙදෙනකු රෝහල් ගත කළ දැරියක මිය යයි
ganegoda Friday, 11 November 2022 12:35 PM
රෝහලේ CCTV වල මෙයාලගේ දර්ශනය පටිගත වෙලා නේද?
රෝහිත Friday, 11 November 2022 12:44 PM
සියලු රෝහල්වලට රෝගීන් ඇතුළත් කරන ස්ථානයේ රෝගියා සමග පැමිණෙන අයගේ පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිලෙසට කැමරා සවිකරන්න. ඒ සමගම රෝහලේ දොරටු ආශ්‍රිතව සවිකරන්න...
zeylanicusFriday, 11 November 2022 05:11 PM
ඕවා කලාම වෙන්නේ අසනීපයක් වෙලා පාර අයිනේ කෙනෙක් වැටිලා හිටියත් කිසිකෙනෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න ඉදිරිපත් නොවෙන එක.. දැනටමත් එහෙම තත්වයක තියෙන්නේ පස්සේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනනිසා...!