(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඇල්ෆටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් සුපෝෂ,ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම හා බෙදා හැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණ ලියනගේ මහතා පෙරේදා (09)තහනම් නියෝගයක් නිකුත් කළේය.
සුපෝෂ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව එම තහනම් නියෝගය නිකුත් කෙරිණි.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98(1)ආ වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය ප්‍රකාරව අදාල නිෂ්පාදනය මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද දැනට වෙලදපොලේ පවතින එම නිෂ්පාදනවල තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කළේය.
තවද එම නිෂ්පාදන වෙළදසල්වලට නිකුත් කිරීම තහනම් කරමින් ඉන්ජන්ෂන් ආඥාවක් ද නිකුත් කරන ලදි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පෝෂණ ආහාර වර්ග තුනක් මාතර තහනම්
Bamunuarachchi Friday, 11 November 2022 06:57 AM
ඇයි මාතර අධිකරණ බල සීමාව තුල පමණක් සෞඛ්‍යට හොඳ නැතිනම් මනුෂ්‍ය සංහතියටම හොඳ නැහැ. එහෙනම් රටටම තහනම් කොරන්න.