IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ලූණු - අල මිල අසාමාන්‍ය ලෙස නගී

 

(යොහාන් භාසුර)

ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285 ත් 290 ත් අතර ද, ලංකා ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 340 ත් 350 ත් අතර ද, පැවැති බව වෙළෙන්දෝ කියති.

ලංකා අල කිලෝවක මිල රුපියල් 360 ත් 380 ත් අතර ද, චීන අල කිලෝවක මිල රුපියල් 210 ත් 220 ත් අතර ද, පාකිස්කානු අල කිලෝවක් රුපියල් 180 ත් 190 ත් අතර ද පැවැති බවත් රතු ලූණු කිලෝවක මිල රුපියල් 550 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වෙළෙන්දෝ සඳහන් කළහ.

සුදු ලුණු කිලෝවක් රුපියල් 380 ත් 390 ත් අතර මිලකට අළෙවි වූ බව ද ඔවුහූ පැවසූහ.

කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ ලූණු සහ අල ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මෙයට හේතු බව ද වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

ලූණු - අල මිල අසාමාන්‍ය ලෙස නගී

de silva Friday, 11 November 2022 01:19 PM

ලංකාවේ වගාකරන අල චීනයේ හෝ පාකිස්තානයේ වවලා නැව් ගාස්තු, රේගු බදු ගෙවලා මෙරටට ගෙන්වන අලවලට වැඩිය මිල වැඩිවෙන්නේ කොහොමද?

:       0       15

සුරංග Friday, 11 November 2022 04:40 PM

සිල්වා උන්නැහේ... ඔය කියන වර්ග තුනෙන්ම වඩාත් රසවත් අල වර්ගය වවන්නේ කොහේද කියන්න..? ඒ අනුවත් මිල වෙනස් වෙනවා

:       2       0

ala goiyaFriday, 11 November 2022 04:49 PM

කොලිටිය තමයි කොලිටිය ... කාලා බලලා රහේ වෙනස අනික සස් ගාලා තැම්බෙනවා...

:       2       0

sanjeewa Friday, 11 November 2022 04:14 PM

කරුණාකර හැමදාම ගොවියා ආරක්ෂා කරන්න කියා, ආහාර ද්‍රව්‍ය තහනම් කිරීම සහ ඒවාට නොසෑහෙන ලෙස බදු ගහන්න එපා. අපේ දරුවන්ට පෝෂ්‍යදායක ආහාරවේලක් දෙන්න ඉතා අමාරුය. අපේ දරුවෝත් මනුෂ්‍යෙයා් නොවේද? අපේ දරුවන්ගේ ජීවිත ආණ්ඩුවට වටින්නේ නැද්ද? දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා කිව් දොස්තර මහත්මයාගේ වැඩ තහනම් කරන එක සාධාරණයිද?

:       0       4

sanjeewa Friday, 11 November 2022 07:11 PM

සිල්වා මහත්තයා කියන කතාව හරි. ආහාර ද්‍රව්‍ය මිල දැනට අවුරුද්දකට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ ගියත් අපේ වැටුප වැඩිවෙලා නැහැ. සුරංග මහත්තයා කියනවා වගේ රස බලබලා ඉඳලා බැහැ. බඩගින්නේ ඉන්න මනුස්සයාට ඉඳුල් බතුත් රසයි. ලංකාවේ අර්තාපල් මෙපමණ මිල ඇයි? මේවා සාධාරණ මිලකට දෙන්න බැරිද?

:       2       1

චින්තක Saturday, 12 November 2022 06:17 AM

සංජීව මහත්තයෝ රටින් ගේන අල ලාභ තමයි ඒත් ඒවායේ භාගයක් පමණ කොටසක් කුණුවෙලා නැද්ද කියලා බලන්නකෝ එතකොට මිල ලංකාවෙ ඒවා වගේ දෙගුණයක් වෙනවා බඩගින්නෙ හිටියා කියලා කවුරුවත්ම අසූචි කන්නෙ නැහැ නේද සමහර රට අර්තාපල් ගෙනාවට පස්සෙ කුණුවෙනවා ඒ ගද අසූචි වලටත් වඩා ගදයි ඒ වගේම කවුරුවත් රස බලා ගේන්නෙ නැහැ කලින් ගෙනා ඒවායේ රස දන්න නිසා ගේනවා තමුන්නැහැලාගේ ඔය පිටරටදේ සිරිසැපදේ නිසා තමයි මේ රටට මෙහෙම කෙළවෙලා තියෙන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 296 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site