(නිමල් ජයරත්න)
යුද හමුදා බුද්ධි අංශයටද ලද තොරතුරක් අනුව මඩකලපුව වාකනේරි ආනමනෙයි ප්‍රදේශයේ දී වලදමා තිබූ බෝම්බ විස්සක් හොයා ගත් බව වාලච්චේන විශේෂ කාර්ය බලකාය පවසයි.
මිලි මීටර් 60 වර්ගයේ බෝම්බ විස්සක් එම පෙට්ටි දෙකතුළ තිබූ බවත්, ඒවා නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත් බව වාකරේ යුද හමුදා බුද්ධි අංශය නිලධාරියෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය
එම බෝම්බ වාකනේරි කුඹුරක් ආසන්නයේ සන්දිවේලි පාලමට යාබදව තිබූ බවත්, 08 වෙනිදා රාත්‍රියේ පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බවද බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd