පැරැණිම රැකියාවට අත දුන් නීතිඥයා මාට්ටු කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා නීතිඥයෙකු යැයි කියන එහි හිමිකරු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 5 දෙනෙකු අද (31) අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය පොලිසිය කියයි. 31 March 2022
ආරවුල දුරදිග ගොස් සැමියා-බිරිද ඝාතනය කරයි එරාවුර් සව්කඩේ ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව එරාවුර් පොලිසිය පවසයි. 31 March 2022
වැඩි මිලට ඩොලර් ගත් සමාගමේ බලපත්‍රය අත්හිටුවයි ශ්‍රී ලංකා මහ බැංකව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය අද අත්හිටුවනු ලැබීය. 31 March 2022
අම්මා සමග ඉන්න බැ - දියණිය නීතියේ පිහිට පතයි මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව වයස අවුරුදු 14 ක පාසල් දැරියක කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන් හමුවී ප්‍රකාශයක් කර ඇත. 31 March 2022
තිහේ දර මිටිය 100 ට උස්සයි ගෑස් මිළ ඉහළ යාමත්, දිනකට පැය දහයක් ඉක්මවා විදුලිය කැපිල්ලත් සමග රුපියල් 20ට 30ට අළෙවි කළ කුඩා දර මිටියක මිළ රුපියල් සියය දක්වා විශාල ලෙස ඉහළ ගොස් ජනතාව කබලෙන් ළිපට වැටි ඇතැයි මේ දිනවල දර ලිප භාවිතා කරන ජනතාව පවසති. 31 March 2022
ඇපල්ගෙඩියත් ගණන උස්සයි ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභොගික ජනතාව කියා සිටිති. 31 March 2022
වැසිකිළි වළෙන් හමුවු කතගේ සිරුර ගැන වතගොත හෙළිවෙයි පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ අද 31 හඳුනාගත් බව පානදුර පින්වත්ත පොලිසිය සඳහන් කරයි 31 March 2022
දෙවැනි මහලෙන් වැටුණු පෙදරේරුවා මරුට පානදුර උතුර කෙසෙල්වත්තේ ගම්මැද පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවසක දෙවන මහළෙ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහලට ඇදවැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය සඳහන් කරයි 31 March 2022
‘සැබෑ ජනතා නැගිටීම් වලට දේශපාලකයන් මැදිහත් වෙන්න එපා‘ ආණ්ඩුවේ පීඩාකාරි වැඩපිළිවෙලට එරෙහිව මතුවෙන ජනතා නැගිටීම්වලට දේශපාලඥයින් සම්බන්ධ නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 31 March 2022
බලපිටිය-වැලිතරින් ගාලු පාර වසති ගෑස් ඉල්ලා ගාලු පාරේ බලපිටිය වැලිතර ප්‍රදේශ මාර්ගය වසා පිරිසක් අද (31) උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟම ගාලු පාරේ පැයක පමණ කාලයක් රථ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇන සිටියේය . 31 March 2022
අබලන් බිත්තියට යට වී දරුවෙක් මරුට අකුරැස්ස නිල්මැණිගම ප්‍රදේශයේ පියා හා මව එක්ව ගලවමින් තිබූ කටුමැටි බිත්තියක් එක්වර කඩා වැටී කුඩා දරු තිදෙනායට වීමෙන් එක් දරුවකු එම ස්ථානයේදීම මියගොස් කුඩාම දරුවා ඉතාම අසාධ්‍ය තත්ත්වයක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අකුරැස්ස පොලීසිය කියයි. 31 March 2022
කැනියෝන් යළි වැඩ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය. 31 March 2022
සුරතල් මසුන්ගේ ජීවිත අවදානමේ: ඉන්ධන ගන්න ජෙනරේටර් උස්සන් ඇවිත් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් සුරතල් මසුන් ඇති කරන ව්‍යාපාරිකයකු මාළුන්ගේ ජීවිත රැකගැනීම සදහා ජෙනරේටරය තල්ලුකරගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි අයුරු කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී දැකගත හැකි විය. 31 March 2022
මිඩ්වයිෆ්ලා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැන් පැවැත්වේ 31 March 2022
සත්වෝද්‍යානයට අලුත් ලොක්කෙක් තිලක් ප්‍රේම කාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබ සිටී. 31 March 2022
විදුලිය කපන පැය ගණන අනිද්දා සිට අඩුවෙයි දිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ප්‍රදිනාන්දු මහතා පැවසීය. 31 March 2022
ආතාවුද සෙනවිරත්න දිවියෙන් සමුගනී හිටපු අමාත්‍යවරයකු වූ අතාවුද සෙනවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත විය. 31 March 2022
ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ රාත්‍රියේ සිට සීමා කර තිබේ. 31 March 2022
මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස් පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය. 31 March 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු හෙට (1) දිනයේ පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 31 March 2022
කොටින්ට යළි පණ දෙන්න ගිය 6කට එරෙහි පූනමලේ අධිකරණයට චෝදනා පත්‍රයක් තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යළි පණ ගැන්වීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) අඟහරුවාදා පූනමලේ විශේෂ අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කළේය. 31 March 2022
ඉන්දියාවෙන් වාහන 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකා පොලිසියට රුපියල් බිලියන 2.5 වටිනා වාහන 750 ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 31 March 2022
පළාත් කීපයකට වැසි තත්ත්වයක් උතුරු පළාත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 March 2022
හිටපු ලොක්කකු ’’චූන්’’ කරන්න බජව් කණ්ඩායමක් රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත් කරගෙන ඔවුන්ට වැටුප් ගෙවා ඇතැයි වාර්තාවේ. 31 March 2022
බණ්ඩාරගම දරුවා මිය ගියේ පාපතරයෙක් නිසා? තම 16 හැවිරිදි පුතාගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ගෙළවැලලා මියගිය බව කියන බණ්ඩාරගම ගුන්ගමුවේ සිසුවාගේ පියා වන පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 30 March 2022
බීමත්ව රිය පැදවූ නුවරඑළිය සෞඛ්‍ය ලොක්කට 1500 දඩයක් බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වරද පිළිගත් නිසා නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී. ප්‍රදිප ජයසිංහ මහතා ඔහුට තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500ක් ගෙවන ලෙස නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහරිනු ලැබීය. 30 March 2022
පින්වත්ත හෝටලයේ මරා දැමූ තරුණිය කාගේ කවුද පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 30 March 2022
සිරකරුවෝ හතරක් දහම්පාසල් විභාගයෙන් කප් ගහති මරණය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවිය සිව් දෙනකු දහම් පාසල් අවසාන විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 30 March 2022
හෙට අව්ව හරි සැරයි පළාත් කිහිපයකට හෙට (31) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2022
ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 30 March 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026