හොර පාරෙන් පාස්පෝට් හදා දෙන්න අල්ලස් ගත් තුනක් මාට්ටු කර දෙයි
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය වෙත දේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසමින් රුපියල් හය 6000 සිට 50,000 දක්වා මුදල් ලබාගත් බව කියන එම කාර්යාලයේ හිටපු සේවකයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු එම තරුණ තරුණියන් විසින් අල්ලා මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ .