(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩුව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන අවස්ථාවේදී ජනමාධ්‍යවල වාර්තා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බව සිඩ්නි නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
පැමිණිලි පාර්ශවයේ නීතිඥාවරුන්ගේ ඉල්ලීමකට අනුව අධිකරණය එම මාධ්‍ය තහනම පැනවූ අතර ධනුෂ්ක සම්බන්ධ සිද්ධිය අධිකරණයේ කැඳවූ පළමු දිනයේ මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පුද්ගලයින් 50 කට අධික පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටි බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඔය නඩුව ලංකාවේ විසදීමට ඉඩ හරින ලෙස ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටින්න. වියදමත් අඩුවෙන් වැඩෙත් හරිම සාධාරණව ඉක්මනට විසදගන්න පුලුවුන් මෙහෙන්.
ක්‍රිකට් බෝඩ් එකට අනුව ධනුෂ්ක කරලා තියෙන්නේ රාජකාරියට අදාළ වැඩක්... ඉතින් මොකට බය වෙනවාද?
ධනුෂ්ක පිටරට සවාරියෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙන්නෙ. ලංකාවෙ නම් ඔයවගේ වැඩ සත පහකට ගනන්ගන්නේ නෑ. ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා කොහොමත් බේරගන්නවා.
ධනුෂ්ක ගුණතිලකට සදහටම ක්‍රිකට් තහනම් කරන්න ඕනෑ.. ඒ එක්කම ශ්‍රී ලංකා කණ්ඩායමට කළමණාකරු හා පුහුණු කරුවන්ගෙන් තොරව යම් ආකාරයකින් නවාතැනින් හෝ පුහුණු ස්ථානවලින් පිටව යාම, සම්පූර්ණ ක්‍රිකට් තහනමක් දක්වා ක්‍රියාත්මක වන වරදක් ලෙස දකින්න ඕනෑ. එය කණ්ඩායමේ කුමන හෝ තත්වයෙන් පහළ යාමක් වුණත් එය ඉවසා දරා, දැඩිලෙස ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඔවුන් තේරුම් නොගන්නා දේ තමයි ඔවුන් සහභාගී වෙන්නේ ජාතික ධජය යටතේ බව. ක්‍රිකට් නිසා සියල්ල ඉවසා දැරීම දැන්වත් නවත්වා දැමිය යුතුයි. ක්‍රීඩාවකින් බලාපොරොත්තු වන හා ඇතිකර ගත යුතු විනය ඔවුන් පවත්වා නොගන්නවා නම් ක්‍රීඩා කිරීමේ ඇති ඵලය කුමක් ද..? මේ ආකාරයට ජාතික නෙට් බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් තරඟ කාලයේ දි අපචාර ක්‍රියාවකට සම්බන්ධ වුණොත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට දක්වන ලිහිල්බව ඇය වෙත දක්වයිද..? ධනුෂ්ක ගුණතිලක මේ කාරණය හමුවේ වරදකරු වුවද, නිවැරැදි වුවද ඔහුට ඒ ආකාරයට සදහටම කිසිඳු තරඟයක් ක්‍රීඩා නොකිරීමට තහනමක් පැනවිය යුතුයි. ඔහු නිසා දැනටමත් සිදු විය යුතු අපකීර්තිය වෙලා අවසන්.. සියල්ලටම වඩා විනයක් සහිතව සියලු දෙනා ජීවත්විය යුතු බව ශ්‍රී ලංකාව තේරුම් ගන්නේ කවදාද..?