
(අංජුල මහික වීරරත්න)
රිලව්, වඳුරන් හා දඬුලේනුන් විසින් වසරකට පොල් ගෙඩි දස කෝටි හැත්තෑ ලක්ෂයක් (මිලියන 107ක්) විනාශ කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් කළ සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.
වාර්ෂිකව මෙරට වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ අංග සම්පුර්ණ සමීක්ෂණ වාර්තාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දී දුන්නේය.
භෝගවලට වැඩිපුරම හානිකරන්නේ සතුන් හය දෙනෙක් විසින් බව ද අලියා, මොනරා, රිලවා, වඳුරා, වල් ඌරා හා දඩුලේනා ඒ අතර සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 40ක් පමණ විනාශ වන බවත් වගාව සඳහා බෝග වැපිරීමේ සිට අස්වැන්න නෙලා ගන්නා අවස්ථාව දක්වා වැඩිම විනාශයක් සිදු කරනු ලබන්නේ මොණරුන් විසින් බවත් අදාල සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සමීක්ෂණ කණ්ඩායමක් අදාල සමීක්ෂණය සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් ගැන එලොව පොල් පෙනෙන කතාවක්
Ruhunu Wednesday, 09 November 2022 10:56 AM
භෝග වලට වැඩියෙන්ම හානි කරන සත්තු හය දෙනයි ඉන්නේ.රටටම හානි කරන සත්තු කී දෙනෙක් ඉන්නවද කියලා දන්න කවුරු හරි කියන්න බලන්න
වසන්තWednesday, 09 November 2022 11:35 AM
මහත්මයා හැම තැනටම එකම කතාව අදාල නෑ නේද?
Lakmal Wednesday, 09 November 2022 11:21 AM
කෝ බන් ඉත්තෑවා
වසන්තWednesday, 09 November 2022 11:34 AM
එයාට හරියට වැඩ. කී දෙනෙක්ගේ පස්සෙන් දුවන්න කියලාද?
චන්දන Wednesday, 09 November 2022 11:25 AM
ආගම, දහම පටලවා ගන්නේ නැතිව මේ සතුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වන්ධ්‍යාකරණය කරන්න වහාම පියවර ගන්න...
රනේ Wednesday, 09 November 2022 01:04 PM
මේ සතුන්ගේ අයිතිවාසිකම් ගැනත් කථා කරන්න. ඒකටත් පොතක් ලියන්න.
yamuna Wednesday, 09 November 2022 01:57 PM
රිපෝර්ට් දුන්නට වැඩක් නෑ. ඇක්ෂන් එකක් ගන්නේ නැතිව...
Hafeel Wednesday, 09 November 2022 02:20 PM
දියවන්නාවෙත් මේ වගේ සත්තු ටිකකින් රටට විශාල හානි. හැමෝම නොවේ. ඒ ගැනත් වාර්තාවක් ගත්තා නම්, මීට වැඩිය හොඳයි.