IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’වැල් වටාරම් කතා කරනකොට දරුවෝ හිනාවෙනවා’’

 

(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුල මහික වීරරත්න)

"වැල් වටාරම්  කතා කරනකොට ගැලරියෙ ඉන්න  දරුවෝ ඔබතුමාට හිනා වෙනවා" යැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු  දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ විජේසිරි මන්ත්‍රීවරයා එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වීමට උත්සහ දැරූ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

ඔබතුමා එකම දේ දෙපාරක් කියනවා. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නෙ විතරක් අහන්න.සභාවේ කාලය නාස්ති කරන්න එපා. වැල්වටාරම් දොඩවන්න එපා.

චමින්ද විජේසිරි මහතා:

කතානායකතුමා..  ඔබතුමා  ස්වාධීන වෙන්න ඕන.

කතානායක:

ඒක තමයි මම ප්‍රශ්නෙ විතරක් අහන්න කිව්වේ.

විජේසිරි මහතා:

ප්‍රශ්නයක් එකපාරටම ඩෝන් ගාලා අහන්න බැහැ. පොඩ්ඩක් කාලය  යනවා.

කතානායක:

හරි ප්‍රශ්නෙ කෙටියෙන් අහන්නකො.



අදහස් (4)

’’වැල් වටාරම් කතා කරනකොට දරුවෝ හිනාවෙනවා’’

sharm warn Wednesday, 09 November 2022 03:05 PM

අනෙ පව්.. මෙයා හිතන් ඉඳල තියෙන්නෙ එතන වැදගත් දේවල් කතා කරල වැදගත් තිරණ අරන් රට නිකන් අම්මට සිරි වෙන්න දියුනු වෙලා තියෙන්නෙ කියල..

:       1       12

ගමේ එකාලා Wednesday, 09 November 2022 04:51 PM

වැල් වටාරම් නම් මොකෝ? ඔතැන ඉන්න අයගේ කෑ කෝ ගැසිම්, හැසිරීම් දිහා බලන් ඉන්න අය කියන කතාවල් ඇහැව්වාම ඊට වැඩිය ලැජ්ජයි...

:       1       8

fairoos Wednesday, 09 November 2022 05:09 PM

මේවගේ කතානායක කෙනෙක් ලංකා ඉතිහාසයට පත්වෙලා නැහැ...

:       3       7

රටවැසියෙක් Thursday, 10 November 2022 07:40 AM

මොනවද ඔතන ඔය තරම් කතාකරන්නේ. මෙච්චර කල් කරපු කතාවලින් ඇතිඋන වැඩේ මොකද්ද. ඕකට වියදම් කරන කෝටිගණන් මුදල් වෙන දේකට යෙදෙව්වනම්...... ඔක්කොම කටින් රට සංවර්දනය කරනවා. මෙහේ මිනිස්සුන්ට එදාවේල කන්න නෑ. .අනේ...... මුතු ඇටයක් කියපු රටකට වෙලා තියෙන දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site