(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
"වැල් වටාරම් කතා කරනකොට ගැලරියෙ ඉන්න දරුවෝ ඔබතුමාට හිනා වෙනවා" යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ විජේසිරි මන්ත්‍රීවරයා එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වීමට උත්සහ දැරූ අවස්ථාවේදීය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
ඔබතුමා එකම දේ දෙපාරක් කියනවා. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නෙ විතරක් අහන්න.සභාවේ කාලය නාස්ති කරන්න එපා. වැල්වටාරම් දොඩවන්න එපා.
චමින්ද විජේසිරි මහතා:
කතානායකතුමා.. ඔබතුමා ස්වාධීන වෙන්න ඕන.
කතානායක:
ඒක තමයි මම ප්‍රශ්නෙ විතරක් අහන්න කිව්වේ.
විජේසිරි මහතා:
ප්‍රශ්නයක් එකපාරටම ඩෝන් ගාලා අහන්න බැහැ. පොඩ්ඩක් කාලය යනවා.
කතානායක:
හරි ප්‍රශ්නෙ කෙටියෙන් අහන්නකො.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙ පව්.. මෙයා හිතන් ඉඳල තියෙන්නෙ එතන වැදගත් දේවල් කතා කරල වැදගත් තිරණ අරන් රට නිකන් අම්මට සිරි වෙන්න දියුනු වෙලා තියෙන්නෙ කියල..
වැල් වටාරම් නම් මොකෝ? ඔතැන ඉන්න අයගේ කෑ කෝ ගැසිම්, හැසිරීම් දිහා බලන් ඉන්න අය කියන කතාවල් ඇහැව්වාම ඊට වැඩිය ලැජ්ජයි...
මේවගේ කතානායක කෙනෙක් ලංකා ඉතිහාසයට පත්වෙලා නැහැ...
මොනවද ඔතන ඔය තරම් කතාකරන්නේ. මෙච්චර කල් කරපු කතාවලින් ඇතිඋන වැඩේ මොකද්ද. ඕකට වියදම් කරන කෝටිගණන් මුදල් වෙන දේකට යෙදෙව්වනම්...... ඔක්කොම කටින් රට සංවර්දනය කරනවා. මෙහේ මිනිස්සුන්ට එදාවේල කන්න නෑ. .අනේ...... මුතු ඇටයක් කියපු රටකට වෙලා තියෙන දෙයක්.