IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ තරගය පැරදුණේ පාවාදීම් නිසයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවති ක්‍රිකට් තරගය පරාජය වූයේ මැච් ෆික්සිං (තරඟ පාවාදීම්) නිසා බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

නලින් බණ්ඩාර ජයමහ මහතා වරප්‍රසාදය ප්‍රශ්නය මතු කරමින් මෙසේද ප්‍රකාශ කළේය.

මම පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක දී කරුණු පැහැදිලි කළා. ඒ සම්බන්ධයෙන් මම යළිත් ප්‍රකාශයක් කළා. කෙසේ නමුත් එම ප්‍රකාශය නිසා අපහාසයක් සිදුවුවා යැයි කියමින් රුපියල් බිලියන දෙකක් ඉල්ලා සභාපතිවරයා මට එන්තරවාසියක් එවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ප්‍රශ්න කළ නොහැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.



අදහස් (5)

ගාල්ලේ තරගය පැරදුණේ පාවාදීම් නිසයි

චන්දන Wednesday, 09 November 2022 03:22 PM

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මෙයාල කරන ප්‍රකාශ නිසා දේශීය විදේශීය දෙපැත්තේ ම ප්‍රශ්න මතුවෙනවා . කොහේදි කලත් කුණු කටවල් කුණු ම තමා. මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වහාම ඉවත් කල යුතුය .

:       3       22

පණුවා Wednesday, 09 November 2022 05:52 PM

පණුවා කියන්නේ අසූචිවලට කෑදර කෙනෙකි. ඒත් ඌ මැරුණාමත් කන්නේ ඌගේ ලඟම සිටි පණුවායි.

:       2       7

Toku Wednesday, 09 November 2022 06:08 PM

ක්‍රීඩකයන් මැච් එකට පෙර දවසේ පාන්දර 5 වෙනකන් බිබී පාටිවලට සහභාගි වෙනවා කියලා දැනගත්තාම තරඟ පාවා දෙනවා කියන එක ගැන කුමන කතාද..?

:       5       13

Lalith M Thursday, 10 November 2022 09:29 AM

ක්‍රීඩක විනය විනාශ කිරීමත් එක්තරා ක්‍රමයක ඔට්ටු ඇල්ලීමක් නොවේද. උන්ට මත්පැන් දීල ගෑනු පෙන්නල මනස විකෘති කරවල පසුදා සෙල්ලම් කල නොහැකි මට්ටමට ගේනව... විනය නැතී පෞරුෂය නැති දුප්පත්කම අත්විඳි පසුබිම දුර්වල ක්‍රීඩකයන් මේ වගේ දේකට මුහුණ දීමට ඉඩ වැඩියි. මෑත කාලයේ ඇතිවු සිද්ධ විමර්ශනය කරන්න.....

:       0       0

විහඟ Thursday, 10 November 2022 08:47 AM

ගාල්ලෙ ඉන්නෙ කෝමත් පාවාදෙන එවුන් තමයි ගිංතොට පාළමෙන් එයා එවුන් නම් ඕනිම නෑ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site