(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවති ක්‍රිකට් තරගය පරාජය වූයේ මැච් ෆික්සිං (තරඟ පාවාදීම්) නිසා බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
නලින් බණ්ඩාර ජයමහ මහතා වරප්‍රසාදය ප්‍රශ්නය මතු කරමින් මෙසේද ප්‍රකාශ කළේය.
මම පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක දී කරුණු පැහැදිලි කළා. ඒ සම්බන්ධයෙන් මම යළිත් ප්‍රකාශයක් කළා. කෙසේ නමුත් එම ප්‍රකාශය නිසා අපහාසයක් සිදුවුවා යැයි කියමින් රුපියල් බිලියන දෙකක් ඉල්ලා සභාපතිවරයා මට එන්තරවාසියක් එවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ප්‍රශ්න කළ නොහැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මෙයාල කරන ප්‍රකාශ නිසා දේශීය විදේශීය දෙපැත්තේ ම ප්‍රශ්න මතුවෙනවා . කොහේදි කලත් කුණු කටවල් කුණු ම තමා. මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වහාම ඉවත් කල යුතුය .
පණුවා කියන්නේ අසූචිවලට කෑදර කෙනෙකි. ඒත් ඌ මැරුණාමත් කන්නේ ඌගේ ලඟම සිටි පණුවායි.
ක්‍රීඩකයන් මැච් එකට පෙර දවසේ පාන්දර 5 වෙනකන් බිබී පාටිවලට සහභාගි වෙනවා කියලා දැනගත්තාම තරඟ පාවා දෙනවා කියන එක ගැන කුමන කතාද..?
ගාල්ලෙ ඉන්නෙ කෝමත් පාවාදෙන එවුන් තමයි ගිංතොට පාළමෙන් එයා එවුන් නම් ඕනිම නෑ