(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම ඇරැව්වල වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු සිව් දෙනකු වෙළඳසැල් හිමිකාරිය ට පහර දී ඇය පැළඳ සිටි රන් මාලය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.
තියුණු ආයුධවලින් පහරකෑ කාන්තාව තුවාල ලබා සිහිසුන්ව වෙළඳසැල තුල ඇද වැටුණු අවස්ථාවේ ඇය පැළඳ සිටි රන්මාලය හා දේපළ කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
කොල්ලො කරුවන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයේ අංකය හා වර්ණය පිළිබඳව පොලීසියට ලබාදී ඇති තොරතුරු මත සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය පැවසීය.
පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව අසල්වාසීන් විසින් සුවසැරිය ගිලන් රථය කැඳවා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත යවා ඇති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහරගම මහ දවල් මහා කොල්ලයක්