(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් සපර්ඩින් ( 56) නැමැත්තෙකි.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වී මාස එකහමාරක සිර දඬුවම් නියම කර බන්ධනාගාරය වෙත මෙම පුද්ගලයා එෆ් වාට්ටුව වෙත යොමු කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මෙම රැඳවියා බන්ධනාගාරයට යොමු කළ දින සිට ආහාර ගෙන නැතැයි පොලීසිය කළ දර්ශන වලදී හෙළි වී ඇත.
එම දින හතර තුළ රාත්‍රියටද නොනිඳා තිබෙන මෙම රැඳවියා වතුර ටැංකිය මත වාඩිවී සිටිනු දැක තිබූ වැසිකිළියට යමින් සිටී රැඳවියකු නැවත පැමිණෙද්දී පැමිණෙද්දී ඔහු වතුර ටැංකියට වැටී මත පාවෙමින් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
ඒ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මෙම පුද්ගලයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් ව සිට ඇතැයි පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රැඳවියා වතුර ටැංකියට වැටී මරුට