(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ නීතිපති දෙපාර්තමේන්තුවම අද නීතියට ගරු කරන්නේ නැතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නඩු දිගින් දිගටම ඉල්ලා අස්කර ගත් බව කී මුජුබුර් රහුමාන් මහතා තමා ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විස්තර වාර්තාවක් ඉල්ලූ බවත් දැන් මාස නවයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් එම වාර්තාව ලැබී නැතැයි සඳහන් කළේය.
රටේ ජනතාව නීතියේ සාධාරණත්වය බලාපොරොත්තු වන නීතිපති දෙපාර්තුමේන්තුව මෙලෙස කටයුතු කරනවා උදා වන තත්වය කුමක්දැයි මුජුබුර් රහුමාන් මහතා කීය.
පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පමණක් නොව විදේශිකයන් සිටින බවට කතාවක් තිබෙන්නේ යැයිද තේරීම් කාරක සභාවක් පත්කර පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි හඳුනා ගන්න කටයුතු කරන්නැයි ද මුජුබුර් රහුමාන් මහතා ඉල්ලා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නීතිපති දෙපාර්ථමේන්තුව නීතියට ගරු කරන්නේ නෑ
Saththaya Thursday, 10 November 2022 09:55 PM
මේ රටේ හොර සල්ලි අච්චු ගහපුවා, නිධන් හාරපු ඒවාටත්, වෙච්චි දෙයක් නැතිලු. හැම දෙයක්ම අවුස්සලා ගන්න... ජයවේවා..!