(අජන්ත කුමාර අගලකඩ)

පිටරටින් සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සහ වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර බරපතළ මත ගැටුමක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ .

පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද ඇමතිවරුන් දෙදෙනාගේ මෙම මත ගැටුම කරලියට පැමිණි බව ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ

ප්‍රමාණවත් තරම් වී තොග රට තුළ තිබෙන බැවින් සහ ඉදිරියට ද ලැබෙන්නට තිබෙන බැවින්,තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් ,දේශීය ගොවියාට යන එන මං නැති වන බව ඇමති අමරවීර මහතා එහිදී පෙන්වා දී ඇත.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් දැනටමත් ආනයනය කර ඇති අතර,තවදුරටත් සහල් ආනයනය නතර කරන ලෙස ද ඔහු ඉල්ලා ඇත .

ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා, ඉදිරි කාලය උත්සව සමයක් බැවින්, වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා සහල් ආනයනය කිරීමට සිදුවන බව පෙන්වා දී ඇත.