(ශානුක අරවින්ද කොරියාවේ ඉංචියොන් නුවර සිට)

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව වන දුලානි පල්ලිකොන්දගේ නිවේදන දෙකකට පසුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී නැතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග අවසන් වීමෙන් පසුව පිරිමි කණ්ඩායමේ තරග නරඹමින් සිටි කාන්තා කණ්ඩායමෙන් නායිකාව ඉවත් වී ගොස් තිබේ. එයින් පැය දෙකට පසුව, තරගාවලිය නිමාවේදී  පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීනිය ක්‍රීඩාංගණයේ මයික්‍රෆෝනයෙන් “දුලානි අපි ඔයාව හොයනවා. ඉක්මනටම කණ්ඩායමට එකතු වෙන්න” යයි අවස්ථා දෙකකදීම සිංහල භාෂාවෙන්ම නිවේදනය කළ නමුත් ශ්‍රී ලංකා නායිකාව ඊට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වන බව පෙනෙන්නට තිබේ.