(සුජිත් හේවාජුලිගේ )
බිත්තර ප්රශ්නය ඉදිරි දින දෙක තුළ නොවිසඳවුවහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාලා ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන්ම වැසී යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අනතුරු ඇඟවීමක් කළේය.
රටේ පවතින බිත්තර හිඟය හේතුවෙන් ආප්ප, ෆයිඩ් රයිස් , කොත්තු, බිත්තර රොටි, බිත්තර රෝල්ස් , කේක්, පුඩින්, වටලප්පන් යනාදී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයිද ඔහු සඳහන් කළේය.
වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු සියලු අංශ වහාම මැදිහත් වී බිත්තර සංගම් සමග සාකච්ඡා කර මේ ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගතයුතු බවත් එසේ නොවුවහොත් ප්රශ්නය බරපතළ වනු ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
" මිල අඩු කරනවා නම් අඩු කරන්න වැඩි කරනවා නම් වැඩි කරන්න. කරන දෙයක් කරන්න. මොනවා හරි කරලා අපිට ඕන බිත්තර. නැත්නම් හෝටල් කර්මාන්තය මින් ඉදිරියට ගෙනියන්න බෑ" යැයිද අසේල සම්පත් මහතා කීවේය.
මේ අතර ගෘහස්ථව කෙරෙන කේක් නිෂ්පාදනය ආදී කර්මාන්තද බිත්තර හිඟය නිසා මේවනවිට සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
හැම කාලකන්නියම පාරිභෝගිකයා අසරණ කරලා තමන්ගේ ආදායම වැඩි කර ගන්න හදන්නේ. බිත්තර කුකුල් මස් කිරි පිිටි සහල් ඇතුළු සියලු දේවල් නිෂ්පාදනය කරන අය සහ සේවය සපයන් අය ඩොක්ටර් ෆී, බස් ගාස්තු , ත්‍රී විලර් ගාස්තු, මාලු මුදලාලි, මේ හැම එකාම උන්ගේ කුට්ටිය වැඩි කර ගන්න තමා ට්‍රයි කරන්නේ. වෙළෙඳ මාෆියාව රටින් තුරන් කළොත් රට දියුණු කරන්න පුළුවන්. හැබැයි කිසිම පවතින රජයකට ඒක කරන්න පැහැ. මොකද රජය පවතින්නේ මුදලාලිලා නිසා. මේ රටට අබසරණයි නේද?
බිත්තර නැතිව ඔය හැම එකක්ම හදන්න පුලුවන් . මෙවා නිකම් ඇබ්බැහි වීම්.
ඔය කියන එක කෑම එකකවත් අත්‍යවශ්‍ය කෑම නෙවෙයි. ඒක හින්දා ආණ්ඩුවට කොන්දක් තියෙනවනම් බිත්තර මිල අඩු කරන්න එපා.ඤ බලමු එතකොට කවුද වහන්නේ කියලා. ( හැබැයි ඉතින් කොන්දක් තියනවද කියන එක තමා චෙක් කරන්න ඕනි)
කොත්තුවක් රුපියල් 1000 යි. දෙන්නෙකුට බිත්තර එකයි, එළවළු ටිකයි, චිකන් ග්‍රෑම් 150 විතරයි. එතකොට කොස්ට් එක බැලුවොත් 20% නැහැ. ඕව තාම ඔයා කියන හැම කෑම එකකම වෙන්නේ. වැඩි කරන්න. අපි ඔය කෑමත් එකක්ම බිත්තරත් වර්ජනය කරමු. කැමති අය ලයික් කරන්න අකැමති අය බිත්තර කන්නෙ.
මේවා මහ ලොකු ප්‍රශ්න නෙමේ. මේවා විසඳන්න පුළුවන් දවසින්. ප්‍රශ්නෙ තියෙන්නේ මේවා විසදන්න පුවන් එවුන් විසඳන්නේ නැහැ. තවත් අවුල් කරන්න බලන්නේ. පුදුමෙ කියන්නේ ඕන කමක් තියෙන එකෙක්. මේවගේ ලොකු පුටුවල නැති එක.
බිත්තර නැතිව කෑම හදන්න.. අසාධාරණ ලෙස ජනතාව මංකොල්ලකන බිත්තර මාෆියාව නැතිකරන්න ඕනේ...
මෙම ප්රශ්නය ඇති කරන්නේ බ්බිත්තර මාෆියාව විසින් .මේක කරන්නේ අර කුරුණෑගල ප්‍රදේශයේ ධනවත් බිත්තර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් .ඒගොල්ලන්ගේ පුතාලා යාලේ පිස්සු නැටූ සිද්ධියට සම්බන්ධ අය .බිත්තර වලට පාලන මිල ක්‍රියාත්මක .බිත්තර හිඟ වුනොත් පිටරටින් ගෙන්වන්න .බිත්තර නැතුව හදන්න පුළුවන් කෑම වර්ග ඕනෑ තරම් තියනවා