(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ පිහිටි යතුරු පැදි අළුත්වැඩියා කරන ගරාජයක 11 වැනි දා රාත්‍රි ඇතිවූ ගින්නකින් එහි තිබූ යතුරු පැදි විස්සක් පමණ සම්පූර්ණයේම විනාශවී ඇතැයි මීරිගම පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීමට ගත් උත්සාහයන් ව්‍යර්ථවී ඇති අතර ගම්පහ නගර සභාවේ ගිිනි නිවන ඒකකය කැදවීමට සිදුවූ බවද පොලිසිය කියයි.
සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ පනහ ඉක්මවනු ඇති බවට ගනන් බලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd