(යොහාන් භාසුර)

ඊජිප්තුවේ, ශාම් එල් ශේක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 27 වැනි දේශගුණ විපර්යාස පිළිබඳ සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ පුනර්ජණනීය බලශක්ති වැඩපිළිවෙල සහ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති  අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කළහ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල්, සංවර්ධන නියෝජිත ආයතන, තාක්ෂණික ආයතන, පුනර්ජණනීය බලශක්ති සංවිධාන, ආයෝජකයන් සහ නිපැයුම්කරුවන් සමග මෙහිදී සාකච්ඡා පැවැත්වීය.

මෙම සමුළුවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවල මෙහෙයවූ බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ යන මිල ගණන් සහ ඛණිජ තෙල් වෙනුවෙන් ලබා දෙන සහනාධාර පිළිබඳව පැවති සාකච්ඡාවට ව්දුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගි විය විය.

මෙම සමුළුවට දේශගුණ විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද මෙම සමුළුවට සහභාගි විය.