(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නය, ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
මෙවර අයවැය කිසිදු ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැති පුස්සක් බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව අයවැයට පෙර ම ජනතාවට බදු පැටවු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර අය වැයෙන් ජනතාවට සහන කිසිවක් නොමැති බවත් මද්දුම බණ්ඩාර මහතා කීවේය.
ආණ්ඩුව මේ අයවැය මගින් ගොවියාට ධීවරයාට කම්කරුවාට රාජ්‍ය සේවකයාට කිසිදු පලක් ඉටු නොවූ බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නැහැ
අප්පට සිරි !! Monday, 14 November 2022 06:47 PM
පෙනුමෙන් කොටවෙලත් ගිලෙන නැවේ පක්‍ෂයේම ආර්ථික විසඳුම් හොයන්නගේ කතාව..!
මරිසිපාල Monday, 14 November 2022 07:29 PM
රැදවියන් සදහා සනීපාරක්ෂක පහසුකම් සලස්වනවා කියන්නෙ විශාල පිරිසක් කොටුකර ගන්නවා (අත් අඩංගුවට ගන්නවා ) කියන කතාවක් වගේ හිතෙනවා අනෙක පොල් ඉඩම් අක්කරයට සීමා කරනවා කියන්නෙ ලංකාවෙ නුදුරේදීම පොල් හිගයක් වෙනවා කියනවා වෙන්න පුළුවන් පොල් රටින් ගෙනාවාම රේගු ගාස්තු ලැබෙනවා නොවැ.
තර්ස්ත මාෂල් Monday, 14 November 2022 10:14 PM
ඉක්මනටම ලොක්කව ජනාධිපති කරන්න . පහුවෙනිදම සියලු ප්‍රශ්න විසදලා මේ රට ලෝකෙන්ම උතුම් රටක් කරයි .
ජයලත් Tuesday, 15 November 2022 07:28 AM
රන්ජිත් මද්දුම බන්ඩාර ආර්ථික විශේසත්තයෙක්ද
fairoos Tuesday, 15 November 2022 12:10 PM
බයි වහල්ලුන්ට කොහෙද මෙව තේරෙන්නෙ