(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නය, ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
මෙවර අයවැය කිසිදු ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැති පුස්සක් බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව අයවැයට පෙර ම ජනතාවට බදු පැටවු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර අය වැයෙන් ජනතාවට සහන කිසිවක් නොමැති බවත් මද්දුම බණ්ඩාර මහතා කීවේය.
ආණ්ඩුව මේ අයවැය මගින් ගොවියාට ධීවරයාට කම්කරුවාට රාජ්‍ය සේවකයාට කිසිදු පලක් ඉටු නොවූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනුමෙන් කොටවෙලත් ගිලෙන නැවේ පක්‍ෂයේම ආර්ථික විසඳුම් හොයන්නගේ කතාව..!
රැදවියන් සදහා සනීපාරක්ෂක පහසුකම් සලස්වනවා කියන්නෙ විශාල පිරිසක් කොටුකර ගන්නවා (අත් අඩංගුවට ගන්නවා ) කියන කතාවක් වගේ හිතෙනවා අනෙක පොල් ඉඩම් අක්කරයට සීමා කරනවා කියන්නෙ ලංකාවෙ නුදුරේදීම පොල් හිගයක් වෙනවා කියනවා වෙන්න පුළුවන් පොල් රටින් ගෙනාවාම රේගු ගාස්තු ලැබෙනවා නොවැ.
ඉක්මනටම ලොක්කව ජනාධිපති කරන්න . පහුවෙනිදම සියලු ප්‍රශ්න විසදලා මේ රට ලෝකෙන්ම උතුම් රටක් කරයි .
රන්ජිත් මද්දුම බන්ඩාර ආර්ථික විශේසත්තයෙක්ද
බයි වහල්ලුන්ට කොහෙද මෙව තේරෙන්නෙ