(අංජුල මහික වීරරත්න)

අක්කරයකට වඩා අඩු බිම් ප්‍රමාණයක වී වගා කරන දිස්ත්‍රික් අටක ගොවීන්ට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9300ක් නොමිලයේ සැපයීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පියවර ගෙන තිබෙි.

ඒ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, වව්නියාව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව,  හා මොනරාගල දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් බෑගයක් බැගින් ලබා දීමට නියමිතය.

මෙම යුරියා පොහොර  කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම හෙට  (15) පස්වරු 4.30ට  බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි. 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  ශ්‍රී ලංකාවේ  නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීමට නියමිතය.

මෙම පොහොර අදාල දිස්ත්‍රික්ක වලින් තෝරා ගන්නා ලද ගොවීන්ට නොමිලයේ බෙදා හැරීමට නියමිත බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.