
(අංජුල මහික වීරරත්න)
අක්කරයකට වඩා අඩු බිම් ප්‍රමාණයක වී වගා කරන දිස්ත්‍රික් අටක ගොවීන්ට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9300ක් නොමිලයේ සැපයීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පියවර ගෙන තිබෙි.
ඒ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, වව්නියාව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, හා මොනරාගල දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා යුරියා කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් බෑගයක් බැගින් ලබා දීමට නියමිතය.
මෙම යුරියා පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම හෙට (15) පස්වරු 4.30ට බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීමට නියමිතය.
මෙම පොහොර අදාල දිස්ත්‍රික්ක වලින් තෝරා ගන්නා ලද ගොවීන්ට නොමිලයේ බෙදා හැරීමට නියමිත බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක අටක ගොවීන්ට නොමිලයේ යූරියා
චින්තක Monday, 14 November 2022 03:40 PM
වී වගාව කියලා පෙන්නන්නේ බජිරි පඳුරක් ඉතින් ඒවා හැදුණොත් බත් එපාවෙනවා. ගොවීන්ට වී ගොවිතැන එපාවෙනවා.
NIMAL Monday, 14 November 2022 06:58 PM
ලෝකයේ කිසිදු දියුණු හෝ දියුණුවෙමින් පවත්නා රටක "නොමිලයේ" පොහොර ලබා දෙන්නේ නැත
Prase Tuesday, 15 November 2022 10:37 AM
නොමිලේ යූරිය දුන්න නම් ආන්ඩුව, ගොවියො දැන ගන්න හාල් 50 ට ජනතාව ට දෙන්න, නැත්තම් ජනතාවට පාරට බහින්න ඔන නොමිලෙ දෙන්න ඒපා
Cc Tuesday, 15 November 2022 11:03 AM
කොලොන්නාව තෙල්පිරිපහදුව ආශ්‍රිතව යූරියා කම්හලක් තිබුනා මතකයි. එම කම්හලෙන් රටටම අවශ්‍ය යූරියා නිපැදවූ අතර ඉතිරිය අපනයනය කරන්න කටයුතු කර තිබුනා .එදා එම කම්හලෙන් රටට අවශ්‍ය යූරියා මාස 6 කදී නිෂ්පාදනය කල අතර ඉතිරි 06 මාසයේ සේවකයන්ට වැටුපෙන් 3/4 ලබාදී කම්හල නැවැත්වූ අතර නැවත ඊලග 06 මාසයේ දී යූරියා නිෂ්පාදනය සිදුකලා. මෙහි අතිරික්ත සේවකයින් ඉවත් කිරීම මුවාවෙන් කම්හල වසා එහිතිබූ යකඩ උදුන, යකඩ වලට විකුනා තිබෙනවා.එසේ කල නායකයින් කෘෂිකර්මික රටට කල අපරාධය සුළු පටු නැහැ. එහි විපාක සියළු ජනතාව විඳිනවා .නැවත දේශීය හෝ විදේශීය ආයෝජනයක් ලෙස තෙල් පිරිපහදුවේ අතුරු ථලයක් ලෙස නිපදවිය හැකි යූරියා නිෂ්පාදන කම්හලක් ඇති කල යුතුයි. රට නිවැරදි දිශාවට සංවර්ධන යාන්‍රණය දියත් කිරීමට කටයුතු කල යුතුයි. ලීක්වාන්යූ හා මහතීර්මොහොමඩ් වැනි ශ්‍රේෂ්ඨ නායකයින්ගේ පුරසාරම කියවන්නේ නැති.