(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
හලාවත සහ ලුණුවිල දුම්රිය ස්ථානවල රුපියල් 20 ක ප්‍රවේශපත් නොමැති වීම නිසා සම්පූර්ණ ගමන් ගන්නා මගීන් සඳහා රුපියල් 40 ප්‍රවේශපත් දෙකට කපා මගීන් දෙදෙනෙකු වෙත නිකුත් කිරීමට සිදුව ඇති බවත් මගී ගමන් ගන්නා දුම්රිය ස්ථානය වෙත අදාල ප්‍රවේශපත වෙනුවෙට නිසි අවසරයකින් තොරව වෙනත් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බවත් කසුන් චාමර මහතා කීය.
කොළඹ කොටුව, මරදාන, ගම්පහ, මොරටුව, පානදුර, වේයන්ගොඩ සහ ගම්පහ යන විශාල වශයෙන් ප්‍රවේශපත් අලෙවි වන දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ප්‍රවේශපත් නොමැතිවීමෙන් අපහාසුතාවයට ලක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
e- Tickets ලබාදෙන්න
ඇයි තවමත් මේ පිටරටින් ගේන කාඩ්බෝඩ් පාවිච්චි කරලා ටිකට් හදන්නේ? මීට වඩා අඩු මිලට භාවිතා නොකරන්නේ ඇයි?
දුම්රිය ප්‍රවේශ පත්‍රයක්වත් නිසිකලට මුද්‍රණය කළ නොහැකි රටක්...