IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ  රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පරණ හොරකම් කළ දේවල් සියල්ල අමතක කර රට ගොඩනගන්න එකතු වෙමු ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ බව කී හර්ෂණ රාජකරුණා මහතා රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අමතක කර මුදල් වංචා කළ අයට දඬුවම් ලබා නොදී සෙසු දේවල් සහයෝගයෙන්  කිරීමට එකඟතාවයක් නැතැයි ද පැවසීය.

කැබිනට් ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන දැවැන්ත මුදල් ප්‍රමාණයක් අමාත්‍යවරුන්ගේ නඩත්තුවට වියදම් කරන බවද කැප කිරීමේ ආදර්ශය නොදුන් වකවානුවක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශය බාර ගෙන මුළු රටටම බදු ලබාදී තිබෙන්නේ යැයිද රාජකරුණා මහතා පැවසීය .එවැනි තත්ත්වයක් යටතේ රටෙි ජනතාව කැප කිරීමක් කරන්නේ කෙසේදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.



අදහස් (7)

රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා

Prabha Tuesday, 15 November 2022 05:08 PM

ඔබේ පක්ෂයේ ලොක්කෝ හොරු අල්ලන්න කැමතිද

:       0       3

නායක පුටුව Tuesday, 15 November 2022 08:06 PM

ඔයා ඔය ඉන්න පක්‍ෂයේ නායක පුටුව එතකොට ඉබේම නැතිවෙනවා නේද?

:       0       3

දාස Wednesday, 16 November 2022 06:54 AM

කරුනාකර මැතකදි නිකුත් වුන විගනාධිපති වාර්තාවේ එලි දක්වන කුරුනෑගල නගර සභාවේ මන්ත්‍රින් නගර සභාව ඉදිකල කඩ කාමර පක්ෂ පාට නොතකා පොහොටිටුවොයි , ස ජ බ , ශ්‍රිලංකා නි ප අතර බොහොම සමගිව බෙදාගත් අයුරු දන්නෙ නැද්ද? හොර වැඩවලිදි , ආන්ඩු පක්ෂය විපක්ෂය ඔක්කොම එකට එක්වෙනව. ස ජ බ බලයට ආවත් වෙන්නෙ ඔය දේමයි. රංජන් කිව්වෙ ඒකයි ඔවුන් ඔක්කොම යාලුවො කියල .ඔබලාගෙ කථා විතරයි , වැඩ පොහොට්ටුවො වගේමයි.

:       1       4

මාම Wednesday, 16 November 2022 07:45 AM

ඔය ගොල්ලෙ රට කන්නෙ එකතු වෙලා. බොරු ටෝක්ස් එපා

:       0       2

sharm warn Wednesday, 16 November 2022 09:31 AM

පරණ හොරකම් කරපුවා අමතක කරන්න ?පිස්සෙක් ජනාධිපති කර ගත්තා 134 ම හොරු නෙමෙයිද ?මෙච්චර කාලකන්නි පාලකයෝ මේ රටේ කවදාවත් හිටියද ?

:       1       0

smubsamarakoon Wednesday, 16 November 2022 10:46 AM

රට කාපු කම්බ හොරුන්ට කිසිම දඩුවමක් නෑ..උන් දැන් නිදහස්.. කෝ උගන්ඩාවට පටවපු රත්තරන්..ඩොලර් කන්ටේනර්.. පැන්ඩෝරා පත්‍රිකා හොරැ.. න් කිසිම සද්දයක් නැ.. ඒ හොරකම් කරපු හොර දෙටුවන් හොරා කාපු මහජනතාවට අයත් සෑම සතයක්ම ආපසු රජයට පවරා ගත යුතුයි..ඒවා ගැන දැන් රටේ පාලකයා ජනාධිපති සද්දයක් නෑ...හොරැ ආරක්ෂා කරනවා......ජනතාවට බදු ගහනවා....හොරැන්ට සැප.....උන් දැන් පිටිපස්සෙන් හිනා වෙනවා......අහිංසක ජනතාවට වැලේ වැල් නෑ.....

:       1       0

Bamunuarachchi Thursday, 17 November 2022 07:01 AM

එහෙනම් 1977 න් පටන් ගමු .අමතක කරන්න එපා යහපාලන කාලේ ණය ට්‍රිලියන 7 රැගෙන ඔහේලගේ දීමනා වැඩිකරගෙන, කොන්දේ අමාරුකාරයින්ට මර් සිඩීස් බෙන්ස් ගෙන්නපුවා , බැංකු හොරකම් වලට අනුබල දීපුවා. ඔහෙත් මේවට සම්මාදම් උනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site