IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීති කඩා දඩ පොත ඉරූ චීන ජාතිකයකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

මංතීරු  වරදක් සම්බන්ධයෙන්   නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය  රථවාහන පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර  තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ  පොත  ඉරා දැමු චීන ජාතිකයකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ඉංග්‍රිසි ගුරුවරයකු වශයෙන් කටයුතු කරන  (40) හැවිරිදි චීන ජාතිකයෙන් බව පොලිසිය පවසයි.

සැකකරු   කොල්ලුපිටිය  නගරය ආසන්නයේ  දී ඊයේ (13) මංන්තීරු නීතිය උල්ලංඝනය කරමින් රථ ධාවනය කරන  බවට කොළඹ රථවාහන පාලන කටයුතු කරන ආරක්ෂක කැමරා පාලන අංශය නිරීක්ෂණය වීමෙන් පසු   ඒ බව කොල්ලුපිටිය පොලිසියට දැනුම්  දී ඇත.

ඒ අනුව කොල්ලුපිටිය පොලිසියේ රථවාහන අංශයේ  පොලිස් කොස්තාපල්වරයකු සැකකරු හඹාගොස් ඔහුගේ වාහන නවත්වාගෙන  නීතිය ක්‍රියාත්මක  කිරීමට යාමේ දී ඔහු  පොලිස් රාජකාරියට බාධා කරමින් නොසන්සුන්ව හැසිරීම නිසා  එම ස්ථානයේ දී ම පොලිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොටුව මහේස්ත්රා.ත් අධිකරණයට ඉදිරිපත් කිරීම ට නියමිතව ඇත.

කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

නීති කඩා දඩ පොත ඉරූ චීන ජාතිකයකු අත්අඩංගුවට

wedage Monday, 14 November 2022 03:15 PM

චීන ණය අඩුකරන්න කියලා ඉල්ලන්න එපා...!

:       1       8

wijesena Monday, 14 November 2022 03:33 PM

ඔය පටන් අරන් තියෙන්නේ... අපේ අයගෙන් ආභාෂය ලැබිලා... තව ඉස්සරහට කොහොම එයිද?

:       0       17

Hafeel Monday, 14 November 2022 04:28 PM

අර චීන කුණු නැවට ඩොලර් දුන්නා වගේ, මෙයාටත් ඩොලර්වලින් වන්දි ගෙවන්න වේවිද?

:       0       13

විජේ Monday, 14 November 2022 05:56 PM

චීන්නුන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා ඇහුවාමයි. ඉංග්‍රීසි උගන්නන්න චීන්නු මේ රටට ගෙනාව කෙනාව හිරේ යවන්න ඕනේ ආයෙ එළියට නොඑන්නම... ඔවුන්ගෙන් ඉගෙනගත්ත කෙනෙක් ඉංග්‍රීසි කතාකරනවා අහන්න ආසාවේ බෑ...

:       2       17

janakaTuesday, 15 November 2022 08:05 AM

යකෝ අපේ එවුන් චිනෙ යන්නෙ ජපානෙ යන්නෙ.. උබට චීනෙ එපා නම් චිනෙ බඩු නොගෙන වර්ජනේ කරපන්...... පිස්සෙක්

:       0       0

චීන ජාතිකයා Tuesday, 15 November 2022 08:31 AM

අපේ රටේ අපි ඉන්නේ අපිට ඕන හැටියට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site