(ඉන්දිකා රාමනායක)
මංතීරු වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රථවාහන පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පොත ඉරා දැමු චීන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ඉංග්‍රිසි ගුරුවරයකු වශයෙන් කටයුතු කරන (40) හැවිරිදි චීන ජාතිකයෙන් බව පොලිසිය පවසයි.
සැකකරු කොල්ලුපිටිය නගරය ආසන්නයේ දී ඊයේ (13) මංන්තීරු නීතිය උල්ලංඝනය කරමින් රථ ධාවනය කරන බවට කොළඹ රථවාහන පාලන කටයුතු කරන ආරක්ෂක කැමරා පාලන අංශය නිරීක්ෂණය වීමෙන් පසු ඒ බව කොල්ලුපිටිය පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව කොල්ලුපිටිය පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු සැකකරු හඹාගොස් ඔහුගේ වාහන නවත්වාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඔහු පොලිස් රාජකාරියට බාධා කරමින් නොසන්සුන්ව හැසිරීම නිසා එම ස්ථානයේ දී ම පොලිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොටුව මහේස්ත්රා.ත් අධිකරණයට ඉදිරිපත් කිරීම ට නියමිතව ඇත.
කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන ණය අඩුකරන්න කියලා ඉල්ලන්න එපා...!
ඔය පටන් අරන් තියෙන්නේ... අපේ අයගෙන් ආභාෂය ලැබිලා... තව ඉස්සරහට කොහොම එයිද?
අර චීන කුණු නැවට ඩොලර් දුන්නා වගේ, මෙයාටත් ඩොලර්වලින් වන්දි ගෙවන්න වේවිද?
චීන්නුන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා ඇහුවාමයි. ඉංග්‍රීසි උගන්නන්න චීන්නු මේ රටට ගෙනාව කෙනාව හිරේ යවන්න ඕනේ ආයෙ එළියට නොඑන්නම... ඔවුන්ගෙන් ඉගෙනගත්ත කෙනෙක් ඉංග්‍රීසි කතාකරනවා අහන්න ආසාවේ බෑ...
අපේ රටේ අපි ඉන්නේ අපිට ඕන හැටියට