(අංජුල මහික වීරරත්න)
අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන අය වැයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.
මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක් වන අතර වංචනික ලියවිල්ලක් නොවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පිළිගන්න සූදානම් දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප සභාපතිවරයා පැවසූයේ එන කෙනෙක් පිළිගන්න සූදානම් බවයි.එහෙත් විපක්ෂය දුර්වල නොකළ යුතු බව ද එජාප සභාපතිවරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ හොරු 134 එහෙම්ම ඉන්නවා. එතකොට වැඩිපුර කෙනා කවුද?
වෙන අහවල් දෙයක් කරන්නද? රටේ මිනිස්සු බඩගින්නේ දුක්විඳිනවා. මෙයාලා තමන්ගේ ජයග්‍රහණ භුක්ති විඳිනවා.
තවත් මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හෙණ වදිනවා.
ඔහු ඒක ඒ අයුරින්ම සිදුවෙනවා. මොකද මේ සියලු දෙනාම හොඳ යාළුවන්...
මේ ආණ්ඩුවට රටේ කැමැති 134-135 පමණ වෙන්න ඇති...
මොවුන් අපායේ අනුකරණය ලංකාවේ හදලා යක්කුන්ට නටනවා. ප්‍රශ්නෙ යම රජ්ජුරුවන් කවුද කියන එක... මෙයාගේ කතාවේ හැටියට 134 ආපු කෙනාද? නැත්නම් හිටපු අයද?
අය වැයත් පරදින බව පෙනෙන්නට තිබෙනවා.
අනාවැකිය කිව්වේ ඇමතිකම් දෙනවා කියලා කාව හරි බාගෙනද කියන්ඩ බැහැ. අපේ රටේ දූෂිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවන් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ ද?
එ 135දෙනාට කීය ගානෙ දීලද චන්දෙ ෂ්‍්‍රවර්රගත්තෙ????