
(ෂේන් සෙනෙවිරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විමල් වීරවංශ වාසුදේව නානායක්කාර ඇතුළු රජයෙන් ඉවත් වූ දේශපාලනඥයන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති උත්තර සභාව දේශපාලන රැස්වීම අවසන් වන මොහොතේ පිරිසක් ඔවුන්ට විරෝධතාව දැක්වීම හේතුවෙන් දැඩි නොසන්සුන් තාවයක් ඇති විය .
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තම ආරක්ෂකයන් සමගම ඔහුගේ වාහනයේ නැගී ක්ෂණිකව ස්ථානයෙන් පිටව ගිය අතර පැවැති දැඩි උණුසුම්කාරී තත්වය හේතුවෙන් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ශාලාවෙන් එළියට පැමිණීමට නොහැකිව ශාලාව තුළ සිරවී සිටින අයුරු දක්නට ලැබුණි .
දෙපාර්ශවය අතර කලබලකාරී තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙද්දී වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ මහත්වරුන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගිය අතර එහිදී දැඩි හු.. හඬක් නැගෙන අයුරු දැකගත හැකි විය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ නෙවෙයි... මිනිස්සු ගල් නොගහපු එක පුදුමයක්...
නියමයි.
‘‘හූ‘‘ වෙන් ගියා ඇති, වෙන දේවල් තවරා ගන්නේ නැතිව.
විමලේ කියාව් මේ දේවල් කරවන්නේ ස.ජ.බ එහෙම නැත්නම් ජෙප්පෝ කියලා. විමලේ ,වාසිදේව ආණ්ඩුවෙන් අයින් උනාට කියපු කරපු දේවල්,ජඩ වැඩ,මඩ ගැහිලි ,කරපු දූෂණ ජනතාවට අමතක වෙලා නැහැ. සාටකේ එල්ලිලා ගොඩ ගිය උන්ගේ කෙරුවාවල් දන්නෝ හොන්දාකාරවම දනිති. යන එන මන් නැති හාල්පාරුවෝ ?
ගාල්ලේ උපන් වාසු කොළඹ පදිංචි වෙලා 1970 සිටම කිරිඇල්ලේ බුදුහාමුදුරුවෝ කියමින් ඇහැලියගොඩ ජනතාව රැවටුවා.රත්නපුර දිස්ත්‍රික්කයේ මංත්‍රී වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදීමට සම්බන්ධීකරණ කමිටු වලටත් ගියා රත්නපුර දිස්ත්‍රික්කයේ අයට කරපු වැඩක් නැහැ .හැමදාම රත්නපුර දිස්ත්‍රික්කයේ පිටින් ඇවිල්ලා මන්ත්‍රී වුනු පිරිසක් හිටියා .ඒ අතර වාසුදේව ,මැතිව් පරපුර ,විමලනාග, වගේ කට්ටියක් හිටියා කවුරු කවුරුත් හැමදාම පිටවුන්ට මනාප දුන්නා කරපු වැඩක් නැහැ .එනිසා සමහරක් අය කියනවා ඇහුනා ඊළඟ වතාවේ ගමේ එකෙකුට දෙනවා මිස වාසිදේව .උම්මාදේවි වගේ පිටගම් කාරයින්ට චන්දය දෙන්නෙ නැහැ කියලා. කියන්නා කෙසේකීවත් අපි සිහිබුද්ධියෙන් බලාසිටිමු.අන්තිමට කියාවි දෙන්න හොද එකෙක් නැහැ දන්න එකාට දුන්නා කියලා
ඒක නම් හොද වැඩේ. හූව විතරක් මදි, කුණු බිත්තර , කුණු ටක්කාලි වලිනුත් සැලකුවා නම් තමා හොද.
හූ කියන්න නෙමෙයි ඕනෙ ඕකුන්ට ගූ ගහන්න
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන උන්දැලාම නේද මේ කුණු බිත්තර ගහන්න, අරවා ගහන්න, මේවා ගහන්න කියලා කොමෙන්ටු කොටන්නේ... විමල්ලාගේ, වාසුලාගේ වර්තමාන ක්‍රියාකාරිත්වය අපි අනුමත නොකෙරුවත් එයාලාට දේශපාලනය කරන්න තියෙන අයිතිය නැති කරන්න මේ "හූ" කාරයින්ට හෝ ඔවුන්ට උඩ ගෙඩිදෙන කොමෙන්ටු අප්පුලාට පුළුවන්ද?
නියමයි... තව ඉන්නවා 135ක්... ඔය කට්ටියටත් ළඟදීම කුණු බිත්තර සංග්‍රහයක් දෙන්න ඕනෑ...