(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
17 හැවිරිදි දැරියගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක ලෙස සමාජගත කළ දුරකතන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලීසිය කියයි.
මීට දින කීපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයකුට ලබාදුන් බවත් පැය කීපයකින් පසු ඔහු එය අළුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී තමන්ගේ මුහුණු පොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් තිබූ එහෙයින් නැවත එම පුද්ගලයාට පවසා මුහුණු පොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක් ද සක්‍රීය කර ගත් බව බවට පත් දැරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
දින දෙකක් පමණ ගත වෙද්දී මිතුරියන් රැසක් තම දුරකථනයට ඇමතුම් ලබා ගෙන " මොනාද ඔයා මේ දාලා තියෙන්නෙ පිස්සු වැඩ කරන්න එපා"." ඇයි එහෙම කරන්නේ "ආදී වශයෙන් ඇය ගෙන් විවිධ දෑ අසමින් ප්‍රශ්න කරන්නට වූ අතර කිසිත් නොදත් දැරිය මිතුරියන්ගෙන් ඒ බව විමසීමේ දී ඔවුහු ඇය වෙත පවසා ඇත්තේ ඇය මුදලට අලෙවි වන්නියක් බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළ කර ඇති බවය.
එතනින් නොනැවතුණු පැමිණිලිකාර දැරියගේ මිතුරියන් ඇයගේ මුහුණු පොතට එක් කර තිබූ වෙනත් නිරුවත් ඡායාරූප ද ඇතුළත් දැන්වීම ඇය වෙත එවීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුණු පොතින් දැරියකගේ චරිතය වැනසූ දුරකතන අලුත්වැඩියා කරන්නා
sharm warn Monday, 14 November 2022 09:26 AM
මෙක දැන් ජංගම දුරකථන කාර්මිකයන්ගෙ අලුත්ම සෙල්ලම. අලුත්වැඩියවට එන ජංගම දුරකතන වල දත්ත පිටපතක් ඔවුන් බොහෝ දෙනෙක් ලබා ගන්නව. ඊට පස්සෙ මෙ සක්කිලි වැඩෙ කරනව. සයිබර් ආරක්ශක නීතියෙන් පොලිසිය හො අදාල බලධරින් මෙයට විරුද්ධව කටයුතු කල යුතුයි.. පොලිසියට ගෑනුන්ගෙ බෙල්ලෙන් අල්ලාගෙන වාහන වලට තල්ලු කරන්න තියෙන හයිය මෙවට නැත්තෙ ඇයි?