(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුකරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ‘අම්මාවරුන්ගේ පාගමන’ නමින් කාන්තාවන් දෙදෙනෙක් ඊයේ ආරම්භ කළ පාගමන අද (13) පස්වරුවේ ගාලුමුවදොරින් අවසන් කළහ.
මොරටුව කුරුස හන්දිය අසලින් එම දෙපළ අද (13) දහවල් නැවත පාගමන ආරම්භ කළ ද පොලිසිය බාධා කිරීමෙන් නොසන්සුකාරී තත්වයක් ඇතිවිය.
එහිදී මොරටුවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.
විරෝධතා පාගමනට මූලිකත්වය ගෙන කටයුතු කළ කාන්තාවන් දෙදෙනාට පාගමනින් යෑමට අවසර නොදෙන බව පැවසූ පොලිසිය වාහනයකින යෑමට අවසර දෙන බව පැවසීමෙන් පසුව එම කාන්තාවෝ දෙදෙනා වාහනයක නැගී පිටත්ව ගියහ.
එම කාන්තාවෝ දෙපළ පස්වරු 2.00 ට පමණ වෑන් රථයකින් ගාලුමුවදොරට ළගා වී ගාලුමුවදොර හෝටලය අසළ හන්දියේදී ජනමාධ්‍යයට ප්‍රකාශයක් දීමෙන් පසුව පාගමන අවසන් කළහ.
එහිදී කොටුව පොලිසිය විරෝධතාකාරියන් දෙපළට බාධා නොකිරීම කැපී පෙනුණි.
COMMENTS
පොළිසියේ හෙළුව රටටම පෙන්නුවේය...!
පයින් යන්න පොලිසියෙන් අවසර ගන්න වෙයිද මෙහෙම ගියොත් මානව හිමිකම් නැත්තට නැති වෙයි.
ටිකක් හොයලා බලන්න ඔය අම්මන්ඩිලා දෙන්නාගේ දරුවන් කවුද කියලා ? බොහෝ විට NGO
ඒ ගොල්ලෝ අන්තිම ගමනත් ගියාද?