(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු හෙට (14) ආණ්ඩුවට එකතුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
ආණ්ඩුවේ අය-වැය ලේඛනය ඉදිරිපත් කෙරෙන්නේද හෙට (14) පස්වරුවේය.
අයවැය ලේඛනය ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඔහු ආණ්ඩුවට එකතු වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දේශපාලන ප්‍රබලයා පසුගිය ආණ්ඩු කිහිපයකම ඇමැති ධුර හොබවනු ලැබූවෙකි. මොහු ආණ්ඩුවට එක්වන බවට පසුගිය කාලය පුරාම ප්‍රචාරය වී තිබිණ. හිටපු ඇමැතිවරයා ආණ්ඩුවට සම්බන්ධවීම සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔහුගේ පුත්‍රයා විසිනැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ..බ..බ..පුතාද සම්බන්ධීකරණය කරන්නේ බ...බ..බ...
බංකොලොත් රටක දේශපාලකයින්ට "ප්‍රබලයින්" යයි පැවසීම අර්ථ ශුන්‍ය දෙයක්.
රනිල් ගේ දෑත් සක්තිමත් කරන්ඩ හිතාගෙන පනින්ඩ බලන් ඇති .ඔහොම පැනපු කෙනෙක් පහුගිය කාලෙත් ඇමතිකම් දැරුවා.රනිල්ගේ දත් නොගැලුවොත් තමා පුදුමේ?
ගහ අදුනන ජනතාවට කොලයක් පෙන්නන්නෙ මොකටද එහෙම එන්නෙ දත් දොස්තර මහත්තෙයා නේද
බලමු මොකද වෙන්නේ කියලා?ඔක්කොම හොරු ඔක්කොම යාළුවෝ මල්ලි.මේ 225 ගැන ජනතාවගේ කැමැත්තක් නැත .ලබන චන්දයකදී අලුතෙන් සිතන්න පුරුදු වෙන්න ඕනේ
මේකෙන් හැමෝම මතක තියාගන්න සජබය, පොහොට්ටුව, අලියා, අත, කියන පක්ෂවල ඉන්නේ ඔක්කෝම එකම අය.. මේ ගොල්ලෝ ඔක්කොම යාලුවෝ... හැමදාම කරේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එක විතරයි. අද විපක්ෂයේ හිටියට සජබ කියන්නේ ඔය ආණ්ඩුවේම කොටසක් තමයි..!
මේ කාලකණ්ණි ආණ්ඩුවට කඩේ යන අයටනම් හෙණ වදින්න ඕනෑ...