(මුදිතා දයානන්ද)

ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ විරු සමරුව පක්ෂයේ නායක අනුර දිසානායක සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පිඨයේදී අද සවස පැවැත් වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුලු 88-89 සමයේ රජයේ මර්දනය හමුවේ ජිවිත අහිමි වු එම පක්ෂයේ සියලු සගයන් සිහිපත් කිරිම සඳහා මෙම සමරුව සංවිධානය කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභිකයන් වන කේ. ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කමිටු සාමාජිකයින් වන සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ, සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදි ශීෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජිනදාස කිතුලේගොඩ, ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඳ වෛද්‍ය නිහාල් අබේසිංහ හා රංගන ශිල්පිනි දිපානි සිල්වා මහත්ම මහත්මිහු  ඉල්විරුන් සිහි කරමින් ඉදිකරන ලද ස්මාරකයට මල් කළඹ තබා පහන් දල්වූහ.

ඉල් විරුවන් සිහිපත් කිරිමෙන් අනතුරුව අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා මහත්වරුන් විසින් සමරු දේශන පැවැත්වූහ. සමරු දේශනවලින් පසුව සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්විණ. වැස්සෙන් ඇති වූ බාධා නොතකමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)