(නිමල් ජයරත්න‍)

තම රැහේ දරුවන් කුසගින්නේ විඳින වේදනාව සහ රැහේ තරුණයන් මතට එරෙහිවීමට එරෙහිව හඬක් නැගූදළුකාන ආදිවාසී නායිකා කේ.ලිසිනෝනා මහත්මියගේ පොල්ඇතු කඩයට අද (14) වෙනිදා අලුයම් කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බව ඇය හඬා වැළපෙමින් සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, මේ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් හොත් තමා දඹාන ආදිවාසී නායකයන් සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ලිසීනෝනා මහත්මිය පැවසුවාය.

58 වියති තිදරු මවක වන ලිසීනෝනා මහත්මිය මීට පෙර අවස්ථා හතකදී පමණ දළුකාන ඇතුළු ආදිවාසි ගම්මානවල තම වරිගයින් මත්පැන්වලට ගොදුරුව ජීවිත විනාශ වීම පිළිබඳවත්, ආදිවාසි ගම්මාන අටක පාසල් දරුවන්ට මෙන්ම ආදිවාසි පවුල් සඳහා ආහාර හිඟයකින් පෙළීම ඇතුළු ඔවුන්ගේ ආර්ථික ගැටලු පිළිබඳව රජයට විරුද්ධව නොබියව හඬක් නැගූ කාන්තාවක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩිලෙස විරුද්ධව ක්‍රියාකළ ආදිවාසි නායිකාවකි.