(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථානය කීපයකට පස් කඳු කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ද, ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථන අතර ද, දුම්රිය මාර්ගයට අද රාත්‍රීයේ පස් කඳු කඩා වැටී ඇති බවත් බණ්ඩාරවෙල සහ දියතලාව මාර්ගයෙන් පස් සහ ගල් ඉවත් කර යළි මාර්ගය ධාවනයට සුදුසු ලෙස සකස් කිරීමට දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් හා සේවකයන් කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දුම්රිය ස්ථන අතර පස් ඉවත් කිරීමේ කටයුතුවලට පැය කිහිපයක් ගතවන ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd