(ඩයනා උදයංගනී)
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (14) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd