
(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)
විරෝධතාවේ පා ගමනක නිරත කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසට බලකරමින් පොලිස් පරීක්ෂකවරයකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ දී පොලිස් කාන්තාවන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා ආවේග ශීලි ලෙස හැසිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මුලස්ථානය කියයි.
උසස් පොලිස් නිලධාරියකු පොලිස් කාන්තාවනට ප්‍රසිද්ධියේ සිදුකරන මෙම හිරිහැරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා මෙම සිද්ධිය හෙළ දකිමින් විවිධ පුද්ගලයන් පොලිසියට දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් පානදුර සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එම විමර්ශනයේ හෙළි වන කරුණු අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.
පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම කාන්තාවන් දෙදෙනා එක් කාන්තාවක් පොලිස් ජිප් රථය වෙත තල්ලු කරමින්, ඇය අත්අඩංගුවට ගන්නා ලෙසට කෑ ගසමින් අසල රාජාකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපස්වරියන් දෙදෙනාගේ ගෙලින් අල්ලා ඔවුන් ඒ දෙසට තල්ලු කරන අයුරු සාමාජ මාධ්‍යවල ප්‍රචාරය වි තිබුණි.
COMMENTS
මේ නම් පොලිස් නිලධාරීන් නම් නොවේ වන සත්තු .
තෙන්නකෝන් මහත්තයා නියෝග දුන්නේ පරීක්ෂණ කරන්නද පරීක්ෂණ කරනව වගේ ඉන්නද කියන එක පැහැදිලි නැහැ.
කාන්තාවන්ට හිරිහැර හිංසා කරන කෙනෙක්… මව්කුසයෙන් බිහිනොවූ ඕපපාතිකයෙක්...!
පාරේ කෑ ගහන්නේ සල්ලි නැති නිසා. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා. අවංකවම මම ආස නැහැ දැන් කඩවලට යන්නවත්. අපි තාම මොනවද හරි කරලා දවස ගෙවනවා. ඒත් සමහර අය සල්ලි ඉල්ල, ඉල්ලා බඩු ඉල්ල ඉල්ලා කඩ ගාව ඉන්නවා. මේ පොලිස් කාන්තාව කවුරු වුණත් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. හිඟා නොකා හිඟා කනව. එත් මේ වගේ ලොකු පොලිස්කාරයන්ට සල්ල කාරයන්ට කොහොම හරි ගතමන්ට එක ලැබෙනවා. ඉත්නි එයාලා ආණ්ඩුවෙ කුණු සෝදනවා. හිතට එකඟව මේ අයව අත්අඩංගුවට ගන්න බැහැ.
මෙයාට ප්‍රසිද්ධියේ ගල්ගහලා මරන්න ඕනෑ...
මේ වගේ ඔලුව උදුම්මගෙන වැඩ කරන ජඩ පොලිස් නිලදාරීන් කිසිම රටක නැතුව ඇති. පොලිස් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මෙහෙම නම් පොලිසිය ඇතුලේ කොහොමට සළකනවා ඇත්ද? පොලිස් දෙපාර්තමේන්තුවටත් අවනම්බුවක්.
කවුද මේ පොලිස් පරික්ෂක
හරිම ලස්සන පින්තූරය... ලංකා කාන්තාවන්ට ගරුකරන රටක් නම් මේ අයව ‘‘ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වහාම වරප්‍රසාද, දීමනා රහිතව වැඩ තහනම් කර ඉවත් කළ යුතුයි.‘‘ ලංකාව කියන්නේ ඉන්දියාවේ පස්ස දොර නොවිය යුතුයි...!
ඕවා එඩිට් කරපු පොටෝස්නේ.
මෙයාට පුළුවන්නේ වුවමනා කෙනා අත්අඩන්ගුවට ගන්න. කාගෙවත් බෙල්ල අල්ලන්නේ. කාකි ඇඳුම ඇඳන් හිටියාට කවුද දන්නේ...? ගැහැණියෙක්ද කියලා. ඔය වගේ දෙවල් කරන්නේ ඒකයි. නිවට, පිරිමි. මෙයාව අරන් යන්න ඕනෑ. වේල් කරත්තේ පෙරහැර දවසට. නටන්න අරන් යන්න ඕනෑ. ඔය වගේ කට්ටිය තමයි නටන්නේ...
මොහුට උපරිම දඬුවම් දිය යුතු අතර දඩයක් නියම කොට එය වන්දියක් ලෙස පීඩාවට පත් පොලිස් කාන්තාවන්ට ලබාදිය යුතුය. ඔවුන් හිංසනයට පමණක් නොව කාන්තා නිලධාරීන් වශයෙන් මෙම ගරු සේවය පහත් කොට ඇති අතර ඔවුන්ගේ ආත්ම ගරුත්වයටද අවනම්බුවක් වී ඇත.
මේක මනේන මේ විදියට අල්ලලා අත්අඩංගුවට ගන්න කියලා දෙන පෙරහුරුවක් වෙන්න් බැරිද?
මේ පොලිස්කාරයා අපේ ගමට ආවොත්, එල්ලනවා ලයිට් කණුවක...
කලිසම අස්සෙ තිබුනු ප්‍රශ්නයක් ඔලුවෙන් මතුවෙලා නේද !
කමිස අතේ ගහගෙන ඉන්නේ නම් "ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී" කියලයි. තේරුමවත් දන්නවද කියන්න අමාරුයි.
ඔය තෙන්නකෝන්ගෙ බත්බැලයො මිනිහගෙ උවමනාවන් ඉටුකරනව.
බෙල්ල ඔහොම ඇල්ලුවා නම් අනෙක් ඒවා කොහොම අල්ලයිද?
ලංකාවෙ නීතියෙ කෙතරම් ලිහිල්ද යන්න,ලෝකෙටම පෙන්වන සිද්දියක්.ලංකාව මානව හිමිකම් ගරු කරන්නේ නැති ගෝත්‍රික රටක් බව ලෝකෙට පෙන්වන දර්ශනයක්.දියුනු ශිශ්ට රටකනම් මේ නිලදාරියා ඉන්නේ හිර ගෙදර.බෙල්ලෙන් අල්ලන්න ඕනෙ නෑ.ඇගිල්ල උරුක් කරල තර්ජනය කලත් ඇති.ඔය නිලදාරියාට මාරුවීමක් හම්බවේවි නුගේගොඩ දිහාට එච්චරයි.ඔයපරීක්ශන කරන්න කියන ගොබිලම වෙන්න ඇති ඕඩරේ දෙන්නත් ඇත්තෙ අර කාන්තාවන් අත් අඩංගුවට ගන්න.
අතේ පිරිත් නුල බැඳගෙන අර මනුස්සයාගේ බෙල්ල මිරිකනවා . වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් මේ අමාරුව
රනිල්ගේ ආණ්ඩුව තියන්කන් මෙයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ , එක හින්ද තමයි එයාව එතනට එවපු කෙනාවම ඒ ගැන පරීක්ෂණ කරන්න දාල තියෙන්නේ
මට බය උසස් වීමක් දෙයිද කියල එහෙවු රටක් මගෙ රට
ලංකාවේ පොලීසිය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරන, නිලධාරීන් අල්ලස් ලබා ගන්නා දූෂිත ආයතනයක් බවට දේශීයව ප්‍රසිද්ධ ව ඇත. ඵසේම ඵය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරන ආයතන ලෙසට විදේශීය වද ප්‍රසිද්ධ වී ඇත. මෙම ඡායාරූප යෙන් ඵම මතය වඩාත් තීවිර කරයි.
මොනවද ඉතින්.. මෙ ගොන් තඩියව තව කොහෙට හරි මාරු කලා කියල ඊලඟ පුවත තියෙයි.. මොකද මෙ රටෙ පොලිසියෙ ඉහල තනතුරු වල ඉන්න සහ මෙ වගෙ අයුතු ලෙස බලය පවිච්චි කරල මහ එවුන්ගෙ මන දොල සන්සිදවන මී හරකුන්ට කවදාවත් දඬුවම් දෙදෙ නෑනෙ..
මොහු පහළ නිලධාරීන් සමග සමීපව වැඩකරන රාජකාරියට කැපවුණු ප්‍රායෝගික නිලධාරියකු වීමටද ඉඩ තිබේ...
මේ අවස්ථාව පින්තූරගත කළ පුද්ගලයාට සම්මානයක් පිරිනැමිය යුතුයි...!
මේ මනුස්සයා විවාහක නම් මේ වගේ කෙනෙක් එක්ක ඉන්න කාන්තාවට, ළමයින්ට දෙවි පිහිටයි.
ඔය කට්ටියට ඔහොම නොකරත් බැහැ. මොකද කෙනෙක් පොලිසියට ගියාම ඒ අය ඉන්නේ පැරැණි වලව්වල ගැහැණු වගේ. ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ වැඩකාරයින් කියලා හිතන්නේ. බොරු නම් ගිහිල්ලා බලන්නකෝ... පොලිසිය හොඳින්ම හැදුවා කියලා එක් පුහුණු උපදේශකතුමෙකු අපිටත් දේශනයක් දෙද්දී කිව්වා අපිට මතක් වුණා.. ඒ පොලිසියේ ගේට්ටුවේ සවිකර තිබුණු නවතිනු කියන පුවරුව... අපි ඒ ගැන දේශක තුමාගෙන් ඇසුවාම වෙරි සොරි මම ඒක දන්නෙ නැහැ කිව්වා. ඒකෙනුත් පේනවා ඔය ආයතනය කෙසේවත් හදන්න බැහැ කියලා...
අපේ රටට, ජාතියට සහ පිරිමි ජාතියටම ලොකු නින්දාවක්...! වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්...!
වටකරගෙන ගහලා අත පය කඩලා දාන්න ඕනේ...! බඩගාගෙන ගිහින් හිඟාකන තත්වයකට පත්කරන්න ඕනේ..!
හොඳට බලන්න ඔය පින්තුරේ මිනිහාගේ මුහුණ... මට නම් පේන්නේ ආදරේට බෙල්ල ටිකක් කිති කැවෙන්න ලාවට කොනිත්තලා, ලාවට මිරිකලා මේ පොලිස් නිලධාරිනිය දිහා හරිම ප්‍රේමනීය බැල්මක් දානවා වගෙයි. හරිම රොමැන්ටික්. මට නම් හිතෙන්නේ මේ අව් අස්සේ මිනිහාට මේ නිලධාරිනිය ගැන මොනවාද හිතිලා වගෙයි කියාලා. ඒවට නම් කොහෙත්ම ඉඩ තියන්න නරකයි.
දෙන නියෝග පිළිපදින්නේ නැතිනම් බෙල්ලෙන් අල්ලලා මදි පස්සට පා පහරකුත් දිය යුතුයි. උසස් නිලධාරීන් දෙන නියෝග ප්‍රශ්න කිරීමටත් නියෝග පිළිනොපැද ඉන්න අයිතියක් පහළ නිලධාරීන්ට නොමැත. නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නම් සේවයෙන් අස්වෙලා යන්න...
මෙයාට ඒ පොලිස් නිලදැරියගේ බෙල්ලෙන් අල්ලන කොට ගැටගහගෙන ඉන්න පිරිත් නූලට ඇහැ ගිහිල්ල නෑ වගෙ. ගෙදර හාමිනේට නං ෂුවර් හතරගාතෙන් වැන්ද වැටෙනවා ඇති!
මේ පොලිස් කාරයෙක් නෙවෙයි මෝඩ එළුවෙක්.. අස්කරල දාන්න. එම කාන්තාව හොඳින් ඇතැයි සිතමි.
මෙ අහින්සක පොලිස්නිලදාරිනියට උසස්එවීමක් සහ ලොකු වන්යදයිකට අපි සුබ පතනව ! දැනටමත් ලොකයෙ හුන්ගාක් රටවල් බලාගෙන ඉන්නෙ මෙ කාන්තාවට පුරවසිබාවය පිරිනැමීමට ! ! ! ! !