ගිරිඋල්ල මාර්ගයේ පිරවුම්හලක් අසල නාදුනන මළ සිරුරක් පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම් හල සමීපයෙ පාර අයිනේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද 13 උදේ සොයාගත් බව මිරිගම පොලිසිය කියයි . 13 April 2022
රටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත. 13 April 2022
හොරණ පිහි ඇනුමකින් අයෙක් මරුට මත්වතුර පානය කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද (13) අලුයම සිදු වූ පිහි ඇනුමකින් හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 13 April 2022
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 12 April 2022
රාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර තිබේ. 12 April 2022
අලුත් කොරෝනා ආසාදිතයෝ 60 ක් කොවිඩ් ආසාදිතයින් තව 60 දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 April 2022
ඉන්දීය සහල් ටොන් 11,000 ක් එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 ක මෙට්‍රික්ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා විය. 12 April 2022
ශාන්ත බණ්ඩාරට විරෝධයක් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (11) පස්වරුවේ දිවුරුම්දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය දක්වමින් පිරිසක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතාවක නිතර වූහ. 12 April 2022
ඇමැතිකම බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි නව අමාත්‍යාංශය බාරගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 12 April 2022
කලාකරුවොත් අරගලයට ගෝල්ෆේස් එති ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) කලාකරු ෙවා් එක්වූහ. 12 April 2022
රටේ අර්බුදයට විසදුම් සොයන කණ්ඩායමට එක්වෙන්න රටේ පවතින තත්ත්වයට විසදුම් යෝජනා ඉදිරිපත් කිරිමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සකස්කරන අතර ඊට එක්වන්නැයි රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම්වලට ආරාධනාකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 12 April 2022
ණය ගෙවීම ගැන සොයන්න තේරීම් සභාවක් ඉල්ලයි ණය ගෙවීම් පැහැර හැරීම සහ රුපියල අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී. 12 April 2022
ගාලුමුවදොර විරෝධයට තවත් පිරිසක් එක් වෙති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට සහය පල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් හා ජනතා ප්රජාතන්ත්රවාදී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වූ ජනතා නීතිඥ එකමුතුව අලුත්කඩේ උසාවියේ සිට පා ගමනින් ගාලු මුවදොර පිටියට පැමිණියහ. 12 April 2022
රම්බොඩ ඇල්ලේ දිය නෑ තුනක් ගසා ගෙන ගිහින් කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය හත් දෙනෙකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 12 April 2022
‘‘රෝහල්වල කිසිදු හිඟයක් නෑ‘‘ රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. 12 April 2022
බාබකියු උඳුනක් කාමරයේ තබා ගත් තිදෙනෙක් රෝහලට බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනකු සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ බව නුවරඑලිය පොලිසිය පවසයි. 12 April 2022
ලංකාව ණය පියවීම නවත්වයි ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත්හිටු වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. 12 April 2022
වැඩි මිලට ඉන්ධන විකිණූ කාන්තාවක් අත්අඩංගුවට මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් දොරනාදිවෙල ප්‍රදේශයේ නිවසක ඉන්ධන අලෙවි කරමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් , අද (12) සවස අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසයි. 12 April 2022
මහනුවර-කොළඹ මාර්ගය පිළිමතලාව වැහෙයි ගෑස් මිලට ගැනීමට ආ පිරිසක් ගෑස් නොමැති වීම නිසා පිළිමතලාව නගරය හරස් කර විරෝධයක නිරතවීම නිසා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වි ඇත. 12 April 2022
“තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද (12 ) අලුයම සිට අගල් 6 බැගින් විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි. 12 April 2022
කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 12 April 2022
‘අවුරුද්දෙන් පස්සේ අලුත් ගෙදරට යනවා‘ රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පැවසීය. 12 April 2022
නන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක හා ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ. 12 April 2022
දින 4ක් සිරකරුවන් බැලීමට අමුත්තන්ට අවසර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12) සිට 16 දක්වා කාලය තුළ සිරකරුවන්ට අමුත්තන් බැලීම සදහා විශේෂ අවසරයක් ලබා දී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 12 April 2022
දරුවන්ට අවුරුදු ඉල්ලා තාත්තලා පාරේ නිදාගනිති මෙවර අලුත් අවුරුද්දට සිය දරු පවුල් සදහා කෑමට බිමට දෙයක් නැතැයි කියමින් අද (12) පුද්ගලයින් දෙදෙනෙකු පිටිගල බස් නැවතුම් පොළ ඉදරිපිට බිම නිදාගෙන විරෝධය පෑහ. 12 April 2022
‘ඉන්දීය ණය ආධාර දීර්ඝ කරගන්න සාකච්ඡා‘ ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 12 April 2022
ජනපතිට සහාය දැක්වූ පෙළපාලියට අදත් විරෝධය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් ජනාධිපති ධූරයේ කටයුතු කළ යුතු බවට ඔහු සහාය දක්වමින් රඹුක්කන නගරයේ පැවැති පෙරළපාළියකට නගරවාසීන් පිරිසක් විරෝධය දැක්වීම නිසා ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය එම විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළේය. 12 April 2022
‘අපි සෙලවෙන්නේ නෑ‘ තමා රාජ්‍ය අමාත්‍යධූරයක් බාරගන්නා බවට පැතිරෙන ආරංචිය අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා පැවසීය. 12 April 2022
ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇත. 12 April 2022
කොටින්ගේ බෝම්බ තොගයක් සිලාවතුරෙන් මතුවෙයි සිලාවතුර, කොක්කුපාඩයාන් ප්‍රදේශයේ ඉඩමක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (12) සොයාගත් බව සිලාවතුර පොලිසිය කියයි. 12 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026