(අංජුල මහික වීරරත්න)
.ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව දියර කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල්වල (ජල බෝතල් වැනි) ඇසුරුම් කිරීම සපුරා තහනම් කර තිබේ.
එයට හේතුව නම් එවැනි අසුරුම් තුළ දියර කාබනික පොහොර ඇසුරුම් කිරීම මගින් විවිධ ව්‍යාධිජනක ( Pathogens) හට ගැනීම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ නිසා එම සමාගම වහාම අසාදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගම විසින් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd