(අජන්ත කුමාර අගලකඩ)
පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පැවසීය.
පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවූ බවත්, ඒ සඳහා අයදුම්පත් 1300ක් පමණ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.
අයදුම්පත් ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කර, 1090 දෙනකු දැනටමත් තෝරාගෙන ඇති බවත්,ඔවුන් ඉතා ළගදීම පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව කී ඇමතිවරයා සුදුසුකම් මත ඔවුන් නිවැරදි ස්ථානවලට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන" වැඩේ ඔය කියන විදියට කෙරුණොත් නම් හොඳයි. නීතිගරුක සමාජයකට සෙත සැලසේවි.
මතක ඇතුව නීතිය පසෙකලා ආණ්ඩුව කියන තාලෙට නටන්න සූදානම් අයව තෝරාගන්න
පොහොට්ටු ගැත්තන්ට මෙය අදාල නොවෙි