(ඩයනා උදයංගනී)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර අබලන් වී තිබූ දුම්රිය පාලම යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව තාවකාලිකව වසා තිබූ කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පහළ මාර්ගය නැවත දුම්රිය ධාවනය සඳහා විවෘත කර ඇති බවත්, පහළ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවත් එහි නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd