(ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 93 හැවිරිදි වියෙහි පසුවිය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඇල්ෆ්‍රඩ් පෙපෙර්රා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.
ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව ද කටයුතු කළේය.
ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා ද වූයේ ද ඇල්ප්‍රඩ් පෙරේරා මහතා චිත්‍රපට ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක විය.
ඔහුගේ දේහය මාකොළ සුප්‍රීම් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු දළුගම දේවස්ථාන සුසාන භූමියේදී අනිද්දා (22) පස්වරු 3.30ට සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා.
දෙවියන් වහන්සේ තුල සමාදානයේ සැතපේවා
එතුමට නිවන්සුවය පතමු!
ඔබතුමා තම මවුබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරවය කරන අතර අජරාමර උතුම් වූ නිවන්සම්පත්තිය ලැබේවා කියාද පතමි