රජයේ රෝහල්වලට ඖෂධ ගන්න සහය ඉල්ලයි රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 April 2022
කොල්ලකරුවකු වෙඩි තබා අල්ලයි හොරණ කොරළඉම ප්‍රදේශයේ නිවැසියන් පිරිසකට තියුණු ආයුදවලින් පහරදී කොල්ල කෑමට ආ අයියා මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 11 April 2022
ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළට විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් පමණක් ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. 11 April 2022
නාවික යාත්‍රා දෙකක් එකිනෙක ගැටී සෙබළෙක් අතුරුදහන් කරෙයිනගර් මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවික සෙබළකු අතුරුදහන් වී තවත් සෙබළුන් දෙදෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය. 11 April 2022
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 11 April 2022
අගමැති අද ජාතිය අමතයි රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය. 11 April 2022
රුපියල තවත් බාල්දුවෙයි මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.88වූ අතර විකුණුම් මිල 321.49 ලෙස සටහන් විය. 11 April 2022
ඉන්ධන පෝලීමේදී වාහනය ඇතුලේදීම මිය ගිහින් ඉන්ධන ලබාගැනීම සඳහා හිනිදුම තවලම ඉන්ධන පිරවුම්හල අසළ පෝළීමේ රැඳීසිටි අයෙකු අද (11) උදෑසන රියදුරු අසුන තුළදීම මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. 11 April 2022
නොනවතින රැල්ල තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය තුන්වන දිනටත් අද(11) ක්‍රියාත්මකයි. 11 April 2022
රටපුරා අදත් තද වැසි දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඇතිවූ වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 April 2022
ජනපති - මන්ත්‍රී සාකච්ඡා විසැඳුමක් නෑ රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව දැනගන්නට ඇත. 11 April 2022
දිසා අටකට නාය යෑමේ තර්ජන පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 10 April 2022
ලොවවටා කොරෝනා නවතම තතු ගෝලිය වශයෙන් ඉක්තු සතියේ දැනට ආසාදිතව සිටින ගණන සියයට 22කින් අඩු වී ඇතැයි කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ වාර්තාවකින් කියැවෙයි. 10 April 2022
ත්‍රිරොද රිය ගසාගෙන යයි:රියැදුරු මරුට ඉංගිරිය මෙනේරිගම,ඉඳිකටු හන්දිය සපත්තු පාලම මතදී ත්‍රීරෝද රථයක් සැඩ පහරට අසුව ගසා ගෙන යාමෙන් එහි රියදුරු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය සඳහන් කරයි. 10 April 2022
ජනපති විපක්ෂය අතර සාකච්ඡාවක් රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇත. 10 April 2022
හෙට - අනිද්දා පැය 4 ක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (11 සහ 12) දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 4 බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 10 April 2022
දක්ෂිණ අධිවේගයේ අනතුරින් අයෙක් මරුට:13ක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 දශම.2 මිල්ලනිය ප්‍රදේශයේ දී නවතා තිබූ ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් ලොරි රියදුරු මියගොස් වෑන් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි. 10 April 2022
තවත් ගෑස් මෙට්‍රික්ටොන් 3800 ක් එයි ගෑස් මෙට්‍රික්ටොන් 3800 ක් මේ වන විට ගොඩබාමින් තිබෙන බවත් එම තොග ද හැකි ඉක්මණින් බෙදා හරින බවත් ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. 10 April 2022
සජබ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(10)කොළඹට පැමිණ විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබූ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය සහ රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනාව මේ වනවිට සකස් කර අවසන් බව ද මහලේකම්වරයා පැවසීය. 10 April 2022
ජනපතිට සහාය පළකර තැන තැන උද්ඝෝෂණ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවතින ආණ්ඩුව සහාය පළ කරමින් රටපුරා ස්ථාන කීපයකදී උද්ඝෝෂණ රැල්ලක් අද පැවැත්විණි. 10 April 2022
උද්ඝෝෂකයෝ සටන අත් නොහරිති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද (10) දිනයේද ක්‍රියාත්මකය. 10 April 2022
ඉන්ධන හිඟයට පිළියමක් බේරුවල බෙන්තොට සංචාරක පුරවරයට විවේකය ගතකිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පාපැදි තෝරාගෙන ඇත. 10 April 2022
මූල්‍ය-නීතී උපදේශකයින් පත් කිරීමට යෝජනා කැඳවයි විදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත. 10 April 2022
ජනපති හා හිටපු ඇමැති හමුවක් අද කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10)පස්වරු 4 ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත. 10 April 2022
නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන ත්‍රීරෝද රථ වල ඉන්ධන ටැංකි තුළ පුරවා තබන පෙට්‍රල් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කළ බව කියන සිව්දෙනෙකු අද(10) අත්අඩංගුවට ගත් බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාපැවසීය. 10 April 2022
ස්වාධීන වූ මන්ත්‍රීහූ අද ජනපති හමුවෙති පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අද (10) පස්වරු 7 ට පැවැත්වෙන බවත්, එහිදී අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 April 2022
ජනාධිපති නීතීඥ සංජීව සහ ආචාර්ය රානී මුදල් මණ්ඩලයට දිගටම මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 10 April 2022
දොළට වැටුණු දරුවාගේ සිරුර කිලෝ මීටර් දෙකක් පාවී ගිහින් නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේදි දොළකට වැටි මියගිය ළමයාගේ සිරුර කිලෝ මිටර් දෙකක් පමණ දුර පාවිගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇත. 10 April 2022
කුණු සැමන් බැරල් 15ක් පාළු ළිඳට දැමු තිදෙනෙක් මාට්ටු සැමන් කර්මාන්ත ශාලාවක නරක් වී දුගඳ හමන සැමන් බැරල් 15ක් මහ රෑ අධික වර්ෂාව මැද ලොරියකින් ගෙන විත් මාරපොල ගම්මානයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට හලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 10 April 2022
ඉන්ධන ගන්නා ආ දෙදෙනෙක් මරුට දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. 10 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026