(විමුක්ති එස් රුද්‍රිගු)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව "ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවල මුල් අදියරේ සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්මට විනාශයට පත් වෙමින් තිබෙන පරිසර පද්ධතියක් සංරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුමත කර ගන්නා ණය මුදලෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය.
"ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ණය මුදලක් කපාහැර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුනත් ස්ථිර වශයෙන් ඇමෙරිකානු බිලියන 1 මුදලක් ලබා ගත හැකි වේදැයි තහවුරු කිරීමට මෙම අවස්ථාවේ අපහසු බව එම ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
"ස්වභාව ධර්මය සඳහා වූ ණය" සංකල්පය යනු විනාශයට පත් වෙමින් පවතින පරිසර පද්ධතියක් සරක්ෂණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ණය ලබා ගැනීමයි.විදේශ මුදල් ණය ලෙස ලබා ගනිමින් එම මුදල දේශීය මුදල් බවට හුවමාරු කරමින් එම මුදල සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ ගන්න එක්සත් ජාතීන් සමඟ සාකච්ඡා
chandima Saturday, 19 November 2022 01:06 AM
දැන් නේ තේරෙන්නේ පරිසරේ ගැන උණගැලිලා දැඟලුවේ මොකද කියලා.
Sara Saturday, 19 November 2022 06:51 AM
පාරවල් ටික හදලා කොමිස් ගහන්න මේ ණය ටික ගමු.
sene Saturday, 19 November 2022 08:56 AM
ණය, ණය, ණය අයියෝ සාමි!
pakeer Saturday, 19 November 2022 10:42 AM
ඒක අරගෙන ඇමති මණ්ඩලෙයි රාජ්‍ය සේවකයින්ගෙයි පඩි ගෙවලා තව බිල්ඩින් ටිකක් හදලා ඉතුරු ටිකේ ඩීසල් පැට්‍රල් ගෙන්නන්න.