(ඩයනා උදයංගනී)
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට (20) හෝ අනිද්දා (21) දිනවල උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කර තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවන අතර,ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු හා උතුරුමැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd