(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(19) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමැති මෙම පුද්ගලයා දෙහිවල සහ වත්තල යන ප්‍රදේශ වල බිරින්දෑවරුන් දෙදෙනෙකු සමග වාසය කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මොහු විසින් පවත්වා ගෙන යනු ලබන කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ , තවත් රටපුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින් මෙම ජාවාරම සදහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබේ .
ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන් වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මොහු මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
අබුඩාබි , ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගනු ලබන ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් බස් රථ මගින් , දේශසීමාව තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන , එරට ප්‍රසිද්ධ වෙන්දේසියේ මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසිපහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැලීමට සහ වෙනත් අකටයුතුකම් සදහා අලෙවි කර තිබේ .
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර තිබේ .
මොහු ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත් අඩංගුවට ගැනීම සදහා නියෝගය කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබේ .
එසේ අත් අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු භාර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කොළඹ සිට පැමිණෙන තෙක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ආරක්ෂාව සදහා රදවා තබා ගෙන තිබුණි .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳව අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම ජාවාරම්කරු ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තක්කඩි හොරදෙටුවාව නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කළ සැමට අනේක වාරයක් ස්තුතියි. මෙවැනි තවත් මගෝඩි වැඩ කරනා මෙවැනි අය අල්ලා ගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවා. මොහුගේ දේපල රාජසන්තක කළ යුතුයි.
දුප්පත්කමින් අසරණකමින් පීඩා වින්ද අසරණයින්ව පෙලූ මේ අමනයාට සැඟවූ අවි පෙන්නීමට එක්කගෙන යා යුතුයි...
එයාගේ සියලු දේපළ රාජසන්තක කර විකුණා අගතියට පත්වූ සියලු දෙනාටම බෙදාදීම කරන්න ඕනෑ...
කාලෙකින් අපේ රහස් පොලිසිය සහ පොලිසිය හොඳ වැඩක් කරලා. විශිෂ්ඨයි.
සතියක් ඇතුළත එල්ලලා මරල දාන්න...
මෙම කාන්තාවන්ට ලංකාවට ඇවිත් කැමැති අයට කැමැති විදිහට මෙහි ඉන්න අවසර දෙන්න. මෙරට විවාහක කාන්තාවන් ලක්ෂ 9ක් පමණ මැදපෙරදිග ගිහින්ලු. මේ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ටත් ඉඳහිටවත් මොකක් හරි සහනයක් තියෙන්න... එපෑයෑ.
දූෂිතම ආයතනයක නිලධාරීන්ට කප්පම් මුදල් පමාවීම නිසා කළ තාවකාලික වැටලීමක්... මේවා බොරු මවාපෑම්... නිලධාරීන් හවුල් වෙලා මෙය තවමත් සිදුවෙනවා.