ලබන සතියේ දින තුනක් විදුලිය අඛණ්ඩව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 වැනිදා සිට 15 දක්වා දින තුනේ විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 08 April 2022
පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා දක්වා කල් තැබේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8) පස්වරුවේ තීරණය කළේය. 08 April 2022
අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ඇතුළත් තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත් එම තේරීම් කාරක සභාව දින පහක් තුළ පිළිගත හැකි ව්‍යවස්ථාමය විසඳුමකට එළඹීමට කටයුතු කළ යුතු බවත් දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කතානායකවරයාට ලිපියක් යොමුකර තිබේ. 08 April 2022
පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 08 April 2022
අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධූරයට? මුදල් අමාත්‍ය ධූරයේ තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට ලිපියක් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත. 08 April 2022
රුසියන් ප්‍රහාරයෙන් යුක්රේනයේ 35 ක් මරුට යුක්රේනයේ ක්‍රමාටොර්ස්ක් නගරයට රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 35 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් බටහිර මාධ්‍ය වාර්තා කළේය. 08 April 2022
කොරෝනා තවත් මරණයක් කොවිඩ් ආසාදිත රෝගී මරණයක් ඊයේ (7) දිනයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) නිවේදනය කළේය. 08 April 2022
ස්වාධින භික්ෂු එකමුතුව සත්‍යග්‍රහයක් අරඹයි ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කරන ලද මහා සංඝරත්නයේ සාමකාමි සත්‍යයක් ග්‍රහය විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල මේ වන විට පැවැත්වෙයි. 08 April 2022
විරෝධතාවෙන් කොටා පාර අවහිර වෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් කැළණිය විශ්ව විද්‍යාලයේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් තිබේ. 08 April 2022
‘තනතුරු නැතුව වාහන පාවිච්චි කළොත් කාට කාටත් වගකියන්න වේවි්‘ ඇමැති තනතුරු නැතුව වාහන පාවිච්චි කරන්නේ නම් කවුරු කවුරුත් ඒවට වගකියන්න වේවි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
‘විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගේනවා‘ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවිජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
‘උද්ඝෝෂණ නවත්වන්න එපා‘ ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ තීව්රර කළ යුතු මෙන්ම උද්ඝෝෂණ නතර නොකළ යුතු බවත් පොදු ජනතාව ගෙන යන උද්ඝෝෂණවලට ජාතික ජනබලවේගය උපරිම සහයෝගය ලබා දෙන බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 April 2022
නිවැසියන් සහ සුනඛයා සිහිසුන් කර රන්බඩු කොල්ල කාලා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දියේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට අද (08) අලුයම ඇතුළු වූ කොල්ලකවන් පිරිසක් නිදා සිටි නිවැසියන්ට යම් රසායනික ද්‍රව්‍යක් මුහුණු වලට අල්ලා තදින් නින්ද යාමට සලස්වා නිවසේ තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 08 April 2022
අලි සබ්රි තවමත් මුදල් ඇමැති ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගෙන නැති හෙයින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
රුපියල තව තවත් බාල්දු වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු ඩොලරයේ අගය අද (8) දිනයේ රුපියල් 325 ක් දක්වා ඉහළ දමා තිබුණි. 08 April 2022
සජබෙන් රජයට එරෙහිව විශ්වාසභංගයක් ආණ්ඩුව නායකයන් ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
දුරගමන් පෞද්ගලික බස්වලට ලංගමෙන් ඩීසල් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ධාවනය කිරීමට නියමිත දුරගමන් සේවා විශේෂ පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඩීසල් ලබාදෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 08 April 2022
එජාප මන්ත්‍රී විරෝධතාවෙන් මීරිගම සභාව දෙවරක්කල් තබයි මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (8) දහවල් 11.40ට පමණ විරෝධතාවක යෙදීම හේතුවෙන් සභාපති වරයාට සභාව දෙවරක්කල් තැබීම ට සිදුවිය. 08 April 2022
සතොසෙන් තවත් සහන මල්ලක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. 08 April 2022
ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු විරෝධතාවයක ගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහා කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධය පලක්රමින් ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට අද (8) උදෑසන විරෝධතාවයක නියැලිණි. 08 April 2022
චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් ඉවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ එම දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්‍රධාරී වරයාට උපදෙස් දුන්නේය . 08 April 2022
රනිල්ගේ ඉල්ලීමකට පාර්ලිමේන්තුව විනාඩි පහකට කල්තබයි පාර්ලිමේන්තුව කරනවා නම් හරියට කරමු නැතිනම් අත්හිටවමු යැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2022
අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තු එන්නේ නෑ තමා මේ අර්බුදය අවසන් වනතුරු මේ සභාවට නොපැමිණ බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
රාජ්‍ය-අර්ධ රාජ්‍ය සේවකයෝ වැඩවරති රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (8) ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. 08 April 2022
‘‘විධායකය සහ ව්‍යවස්ථාධායක එක්ව රට ස්ථාවර කරන්න‘‘ රටතුළ ගොඩනැගෙමින් පවතින දැවැන්තත මහජන විරෝධය සැලකිල්ලට ගනිමින් අන්තර්වාර රජයක් පිහිටුවීමට විධායකය සහ පාර්ලිමේන්තු හැකි ඉක්මණින් කටයුතු කළ යුතු බවත් මෙම ප්‍රවණතාව දිගින් දිගටම පැවතුණහොත් මහජනතාවට සහ ආර්ථිකයට බරපතල හානි වන ප්රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි බවත් වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් රැසක් කථානායකවරයා ඇතුළු වගකිවයුත්තන්ට ලිපියක් ඔස්සේ පෙන්වාදී තිබේ. 08 April 2022
නියෝජ්‍ය කතනායක ධුරයට යළි රංජිත් සියඹලාපිටිය තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
අධිභාර පනතට කතානායකගේ සහතිකය අධිභාර පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
කට පුංචා රංගල වැඩ මහනුවර රංගල එළුගොල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් 32 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය කියයි. 08 April 2022
අමාත්‍යංශයේ වාහන 18ක් ඇමතිගේ ගෙදර වැඩට අමාත්‍යංශයේ වාහන 18ක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් ඇමැතිවරයෙක් ඉන්නවා. 08 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026