
(අංජුල මහික වීරරත්න)
ආර්ථික සහයෝගීතාව සහ අයෝජනය ඉලක්ක කර ගනිමින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවේ දී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දුනිසියාවේ පැවති ජී20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණියේය.
කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මෙම හමුව සිදු විය.
ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට දකුණු අප්‍රිකාවේ සහාය ලබා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව එලියට ආවාට කිසිම අලුත් දෙයක් නැහැනේ .අපේ කෙනා එහෙ ගියත් එහේ අය මෙහෙ ආවත් එකම කතන්දරේ සහයෝගය දෙනවා .එච්චරයි වෙච්ච දෙයක් නැහැ
කොහේ ගියත් මෙයා පොකට් බිලියඩ් ගැහිල්ල නම් අත් හරින්නේ නැහැ නේද/පොඩි කාලේ ඉඳන්ම පුරුද්දට ගිහිල්ලා
ඕවා හොඳයි ආතල් ගන්න