IMG-LOGO

විවාහ පොරොන්දු දී ලක්ෂ 85 ක් වංචා කරලා: රෑපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරියන් නැවක සේවය කරන 51  හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකුට විවාහ පොරොන්දු දී  රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන   වංචා කළ බව කියන  25 හැවිරිදි  සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියක්  අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.

තරුණිය හඳුනා ගැනීමට ලැබුණේ  බම්බලපිටිය ප්‍රදේශයේ දී අහම්බෙන්  නෙත ගැටීමෙන් අනතුරුව බවත්   එදින සිට මිතුරන් වූ ඔවුන් දෙදෙනා  දැඩි ළෙන්ගතුව  ඇසුරු කල බවත් එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඉකුත් වසරේ  දෙසැම්බර් මස 8 වැනි දින  කොරියන් නැවේ සේවය සඳහා පිටත්ව ගිය ද    එදින සිට  2022  ජූනි මස 25 වැනි දා දක්වා මාස හයක පමණ කාලයක් තුළ  තරුණියගේ ඉල්ලීම පරිදි ඇයගේ අවශ්‍යතා සඳහා වරින් වර රුපියල් ලක්ෂ 85 ක් ඇය වෙත එවු බව  එම පැමිණිල්ලේ තවදුරටත්  සඳහන් වේ.

ඉකුත් ඔක්තෝම්බර් මස 14 වැනි දින  මෙරටට පැමිණි තමන්  ඇය හමුවීම සඳහා බම්බලපිටිය ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට ගිය ද  ඇය එහි නැති බවත් මාසයකට පමණ ඉහතදී ඇය ගම් ප්‍රදේශයේ වන  කිළිනොච්චියට ගිය බවට දැනගන්නට ලැබුණු බවත්  පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී පැමිණිලිකරු පවසා තිබිණි.

ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තට එයද අක්‍රිය පැවතීම හේතුවෙන්  ඇය  පදිංචි නිවස සොයා කිළිනොච්චියට ගිය බවත් නමුත්  සොයා ගැනීමට නොහැකි වූ බවත් පැමිණිලිකරුගෙන් අනාවරණය විය.

දහසකුත් බලාපොරොත්තු තබාගෙන විවාහ  වීමේ අදහසින් තරුණියට මුදල් ලබා දුන් බවත් ඇය තමන් මගහැරීමේ හේතුවෙන් එම මුදල් ලබා දෙන ලෙස  ඉල්ලා එම පුද්ගලයා පැමිණිලි කළ බව පොලිසිය කියයි.

ඒ අනුව  සැකකාරියගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා සහ ගිණුම් වාර්තා ඔස්සේ විමර්ශන පවත්වා  ඇය පදිංචි සිටින ලිපිනය හඳුනාගෙනෙ පොලිස් පණිවුඩ යවා ඇය කොළඹට කැඳවා  සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් ඔහුගෙන් මුදල් ලබාගත් බවත්  තම අදහස් සහ ඔහුගේ අදහස් නොගැළපීම හේතුවෙන්  තමන් ඔහු සමග විවාහ වීමේ බලාපොරොත්තු අත්හැර දැමූ බවත් තරුණියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි යයි පොලීසිය කියයි

 ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව තරුණිය  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 සැකකාර තරුණිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වංචා විමර්ශන  කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සි ඩබ්ලිව් . වික්‍රමසේකර මහතාගේ උපදෙස් මත  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි   



අදහස් (3)

විවාහ පොරොන්දු දී ලක්ෂ 85 ක් වංචා කරලා: රෑපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට

විපරමා Thursday, 17 November 2022 06:38 PM

සෑහෙන්ඩ සුද්දයක් දුන්නට පස්සේ වෙන්ඩැති තමුන්ට ඔහුව නොගැළපෙන බව තේරෙන්ඩ ඇත්තේ ? මේ වගේ රැවටිලිවලට අහුවෙන අය තව කොච්චරවත් ඉන්නවද?

:       0       6

dhamneth Thursday, 17 November 2022 08:41 PM

අවුරුදු 25ක තරුනියක් කැමතිවෙයි අවුරුදු 51ක මිනිහෙක් කසාද බදින්න. හරියට තත්තයි දුවයි වගේ.

:       0       2

විජේ Friday, 18 November 2022 03:57 AM

අර පරණ ප්‍රස්ථා පිරුලක් මතක් උනා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site