IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මව සහ දරු දෙදෙනා පැහැර ගත් සාජන් සහ බිරිය මාට්ටු

(සුමිත් පොතුපිටිය )

වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකාර සැරයන්වරයාගේ බිරිඳ මතුගම සහ ඒ අවට ප්‍රදේශයේ තිස් පස් දෙනෙකුගෙන් විදේශ රැකියා සදහා යවන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ 70 ක් පමණ එකතුකර නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදී තිබේ.

මුදල් ලබාගත් පුද්ගලයා ඔවුන් මගහැර සිට ඇති බැවින් , සැරයන් වරයා ඉකුත් 4 දා ඔහු පැහැරගෙන විත් මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන සිට ඇතැයි පොලිසිය කීය.

මුදල් ලබාදීම සඳහා තමා මුදවා හරින ලෙස අතරමැදියා ඉල්ලා සිටි ඇති අතර, ඒ වෙනුවට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා මතුගම ප්‍රදේශයට ගෙන්වාගෙන සිරකර ගෙන අතරමැදියා මුදාහැර තිබූ බවද පොලිසිය කීය.

දරු දෙදෙනා සහ මව දින 6 ක් කටුගහහේන ප්‍රදේශයේ නිවස සිර කරගෙන සිටියදී මෙසේ සොයාගෙන සැකකාර සැරයන් වරයා සහ බිරිඳ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. මව සහ දරු දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කල බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .



අදහස් (3)

මව සහ දරු දෙදෙනා පැහැර ගත් සාජන් සහ බිරිය මාට්ටු

sharm warn Friday, 18 November 2022 10:18 AM

පොලිසියට හරි වැඩ නේ බලන් යද්දී .හැබැයි ඉතින් ඕවා අර වසන්ත කොලුවා කරලා තියන අපරාධ වලට ලඟින් වත් යන්නේ නෑලු

:       1       11

sampath Sunday, 20 November 2022 09:46 PM

මේ වගේ නිලධාරීන් නිසා මුළු පොලිසියටම අපකීර්තියක් .මුලින්ම පොලිසිය නීතිය සම්බන්ධ දැනුම යාවත්කාලීන කිරීමට වැඩ පිළිවෙලක් සෑදිය යුතුයි

:       0       0

Budhdhika Sunday, 20 November 2022 11:04 PM

මොහු නමින් කවින්ද්‍ර ගයාන් ප්‍රේමරත්න. වයස අවුරුදු 41 වන මොහු විදේස් රැකියා ලබාදෙන බව පවසා ලක්ශ ගනන් මුදල් ලබා ගෙන ජාවාරමක් කරයි. එක් ප්‍රදේශයක් තුළ මාස 2 - 3 සැරිසරමින් හිතවත් කරගන්නා තැරැව් කරුවන් හරහා මුදල් ලබාගෙන වෙනත් ප්‍රදේශයකට පලා යයි.ව්‍යාජ ලිපි ලේඛන සම්බන්ධයෙන් මෙන්ම English දැනුම සම්බන්ධයෙන් මනා හැකියාවක් තිබේ . මොහු සමග මොහුගේ ප්‍රාර්ථනා ජයකොඩි යන බිරිද සහ අවුරුදු 11 ත් 7 පමන වන දරුවන් දෙදෙනාත් රැගෙන කුලියට නිවාසවල පදිංචියට යයි.. කුලියට මෝටර් රථ ලබගන්නා අතර දරුවන් පුද්ගලික පාසල් සදහා යොමු කරයි. පානදුර මහාධිකරණය තුළ නඩු විශාල වශයෙන් මොහුට තිබේ . මෙම නඩු මගහැර සිටින මොහු වරෙන්තුකරුවෙකු වෙයි... ඔබේ නගරයට පැමිණීමට හැකි බැවින් මෙම දැන්විම share කරන්න .දන්වන්න 0717460782

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site