
(ඩයනා උදයංගනී)
ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2022 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පෙරවරුවේ පැවැත්විණි.
ජාතික සාහිත්‍ය තරඟාවලියේ දී කෙටිකතා, සඳැස්, නිසඳැස් ආදී විවිධ අංශයන් ඔස්සේ දස්කම් දැක්වූ රට පුරා විසිරී සිටින නිර්මාණකරුවන් ඇගයීමේ අරමුණින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබූ අතර, අංකුර කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක්කර ඒ අතරින් තෝරාගත් ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් ඇගයීම මෙහිදී සිදුකෙරිණි.
මෙවර සම්මාන උළෙලේ දී නිර්මාණකරුවන් 225 දෙනකු වෙත සම්මාන, තිළිණ සහ සහතිකපත් පිරිනැමිණි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙය සංවිධානය කර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සාහිත්‍ය සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්
sharm warn Friday, 18 November 2022 10:36 AM
ජාතික සම්මාන උත්සවයක්ද පාසක් උත්සවයක්ද?කෝ කිසිම වැඩිහිටියෙක් සම්මාන ගන්නවා දකින්න නෑනේ