(විමුක්ති එස් රුද්‍රිගු)
සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
ශ්‍රී ලංකාවේ සිට පැමිණි ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන දිනපතා පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇතැයි ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ සංචාරක වීසා මත රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවගෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
එසේ සංචාරක වීසා මත ඕමානයට ගොස් සිටින බොහෝ දෙනා ජාවාරම්කරුවන් සහ වංචනිකයන් මාර්ගයෙන් ලියාපදිංචි නොකර ඕමානයට ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නොමැති වීම හේතුවෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා ඇති බවත් දැනට ඔවුන් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය වියදම් දරා ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කාන්තාවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සුභසාධන පහසුකම් සපයා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දිවි පරදුවට තබා හරි මේකෙන් යන්නේ මේකේ ජීවත්වෙන්න තිබෙන අමාරුවට.
සංචාරක වීසා අරගෙන ඕමානයේ ගෘහසේවයට ගිහිල්ලා යුරෝපයට පනින්න හදන අය බොහෝය..! නමුත් යුරෝපා රටවලට ඇතුල්වන විට ඇඟිළි සළකුන පමණක් දැන් සොයා නොබලයි... දැන් ඇසේ දත්ත තුලිනි රටට ඇතුලුවන්නා ගැන සොයාබලන්නේ... එයට කියන්නේ ඇසේ "කලු ඉංගිරියා" පරීක්‍ෂාකර හඳුනාගැනීමය. කණ්ණාඩි මාරු කලාට ඇස මාරු කරන්නට බැරිය..!