
(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මෙසේ දුම්රිය මාර්ගයේ පිහිටි පාලම අබලන් වීම මත කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීමේන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධන මර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්‍රමාද වීමේ හැකියාවක් ඇති බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
මෙලෙස වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහල මාර්ගය තාවකාලික වසා දැමීම නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කොට ඇත.
මාර්ගය යලි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන බව දෙපාර්තමේන්තුවේ අදාල මාර්ග අංශයන් දැනුවත් කර ඇති බවත් ඒ දක්වා කාලය තුල වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු විය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.
ඡායාරූප විමුක්ති එස් රුද්‍රිගු


2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබඩ මාර්ගයේ පාලමක් අබලන්වීමෙන් දුම්රිය ගමනට බාධා